ප්‍රධාන නිළිය වෙලත් මට ෆිල්ම් එක බලන්න ආරාධනා කලේ නෑ හරිම දුකයි මට – සුපිරි නිලි මරියෝන් වෙත්තසිංහ

සහෝදර ප්‍රේමය ගැන කතා කරද්දී කතා නොකරම බැරි වගේම කතාකල යුතුම චරිතයක් තමයි ‘හිතුමතේ ජීවිතේ’ කියන්නේ, ඉතින් මේ ආදරණීය සහෝදර ප්‍රේමය ගැන සිනමාපටයක් නිර්මාණය වෙලා තියෙනවා, ඒ සිනමාපටයේ නමත් ‘හිතුමතේ ජීවිතේ’ ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ හිතුමතේ ජීවිතේ සිනමාපටයේ ප්‍රධාන නිළිය සමග, මේ දවස්වල ජනප්‍රිය චිත්‍රපටයේ ප්‍රධාන නිළිය මොකද හැංගිලා ඉන්නේ ”අනේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය හැංගිලා නෙවෙයි අධ්‍යක්ෂක ප්‍රධාන නිළිය හංගගෙන ඉන්නේ, මම ප්‍රධාන නිළිය වුනාට ෆිල්ම් එකේ පෝස්ටර් එකේවත් මගේ නම නෑ, මගේ පින්තුරයක්වත් නෑ, අධ්‍යක්ෂකගේ වැඩ තමා ඉතින්”

කොහොමද පලවෙනි රංගනයට ලැබෙන ප්‍රතිචාර ”ෆිල්ම් එක තිරගතවෙලා තාම දවස් කිහිපයිනේ, ඉතින් ඒ දවස් ටිකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, සමාජ ජාලා හරහා ගොඩක් අය කතා කරලා සුබ පැතුවා, ඉන්ස්ටග්‍රෑම් හරහා තමයි වැඩිපුරම ප්‍රතිචාර ලැබුනේ, මමත් මේ ෆිල්ම් එක බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ, හැබැයි මට මේ වෙනකන් ෆිල්ම් එක බලන්න චාන්ස් එකක් ලැබුනේ නැ, ෆිල්ම් එක අවසන් වුනාට පස්සේ විශේෂ ධර්ෂණ වාර කිහිපයක්ම පෙන්වලා තිබ්බා, මම ප්‍රධාන නිළිය වෙලත් ඒ කිසිම දේකට මට ආරාධනා ලැබුනේ නෑ, අඩුම තරමේ ෆිල්ම් එක එළිදක්වන දිනයටවත් මට ආරාධනා කලේ නෑ, මම හරිම ආසාවෙන් හිටියේ ඒකට යන්න, ඒ ගැන ගොඩක්ම දුකයි, කමක් නෑ මට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ මට වටිනවා,

මරියොන් රංගනයට පිවිසෙන්නේ රංගනය ගැන ඉගනගෙනද..? ”නැහැ, මේක මගේ පලවෙනි නිර්මාණය, අඩුම තරමේ කැමරාවක් ඉදිරියේ ඉන්නේ කොහොමද කියලා මට දැනුමක්වත් තිබ්බේ නෑ, මම මේ සිනමාපටයේ වැඩ කලේ සිනමා ක්‍ෂේත්‍රයේ ඉන්න දැවැන්තයින් සමග, මේ චරිතය සාර්ථක කරගන්න ඒ අය ගොඩක්ම උදවු කළා, ආයේ අමුතුවෙන් රංගනය හදාරන්න ඕන නෑ මොකද ඒ අය මට ගොඩක් දේවල් කියලා දුන්නා, මම ප්‍රංශයේ ඉද්දී තමයි මට මේ පිටපත ලැබුනේ කොහොම හරි හැමෝගෙම උදවු එක්ක මම මගේ චරිතට මට පුළුවන් උපරිමෙන්ම සාදාරණයක් ඉෂ්ට කළා, ඉතින් ඉතිරි ටික තීරණය කරන්න ඕන ආදරණීය ප්‍රේක්ෂකයින්”

මරියොන් වෙත්තසිංහ කියන්නකෝ බලන්න ඔයා ගැන විස්තර ටිකක්, ”මම මරියොන් වෙත්තසිංහ, මගේ පවුලේ ඉන්නේ මමයි තාත්තයි අයියයි, මගේ වයස දැන් 26යි, මම ඉපදුනේ ප්‍රංශයේ හැබැයි මම ලාංකිකයෙක් මගේ රට ලංකාව ඒ වගේම මම ලංකාවේ කල්චර් එකට ගොඩක් ආසයි, මම පළවෙනියට රඟපෑවේ හිතුමතේ ජීවිතේ සිනමාපටයේ, ඊටපස්සේ මම විජයබා කොල්ලය සිනමාපටයේ රූපා බිසව විදියට රංග පෑවා ඕවා තමයි ඉතින් මගේ විස්තර”

Related Posts

Leave a Reply

Your email address will not be published.