Tue. May 17th, 2022

ඇගේ රංගනය තුළ බොරු ආටෝප නැත. ඇය දක්ෂ සුන්දර තුන්වන ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ලාංකික රංගන ලෝකය තුළ ඇය ගැන නොදන්න කෙනෙක් නැති තරම්. ඇය නමින් දමයන්ති ෆොන්සේකා. මේ සූදානම් ඇය ගැන කතා කරන්න. මේ වන විට ඇය පුංචි තිරය තුළ ද දකින්නට ලැබෙන චරිතයක් වෙනවා. දමයන්ති කොහොමද කලාවට පිවිසුණේ, මම පුංචි කාලේ ඉඳන්ම වේදිකාවට ආස කරපු කෙනෙක්. ළමා වේදිකා නිළියක් විදිහට තමයි මම මගේ ගමන ආරම්භ කළේ. මගේ මුළු පවුලම කලාවට පිවිසෙද්දි මාත් කලාවට එන්න හිතුවා.

ඔබේ බලාපොරොත්තු ගුරුවරියක් වීම. හැබැයි ඔබට ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරිවීම ගැන ඔබ දුක් වෙන්නේ නැද්ද, ඇත්තම කතාව මම අද ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. ඒ නිසා ගුරුවරියක් වුනේ නැහැ නේද කියලා දුකක් නැහැ. මගේ අම්මා ගුරුවරියක් විදියට මගේ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මට උදව් කළා. ඒ අහල පහල ළමයින්ට අකුරු කරන්න අවස්ථාවක් හදලා දීලා. එතැනදී මම ගුරුවරයා කියන චරිතයට ප්‍රවිෂ්ට වුණා. මට ගුරු පත්වීම ලැබුණත් ගුරුවරියක් වුනේ නැහැ කියලා කිසිම දුකක් නැහැ.

අනූ එකෙන් පස්සෙ ඔබ රංගනයෙන් ටිකක් ඈත් වුණා ද, ඒකට හේතුවක් තිබුණා. ඒ ප්‍රසන්නගේ නිර්මාණ කටයුතුවලට මට උදව් කරන්න හිතුනා. තිරයෙන් පිටුපස ඉඳලා ඔහුට උදව් කරන්න මම හිතුවා. ඒ උදව් කරන අතර මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ ඉගෙන ගත්ත දේවල් මගේ ජීවිතේ මට ගොඩක් වටිනවා. ඉතින් එතැනදී මට ලැබුණු ආරාධනා කිහිපයක්ම මට මඟහැරුණා.

කවදහරි දවසක මාලනී ෆොන්සේකා වගේ වෙනවා කියලා මට හිතෙන්නේ නැද්ද, මට කවදාවත් එහෙම දේවල් හිතිලා නැහැ. සිහිනෙන්වත් මාලනි අක්කා වෙන්න ඕනේ කියලා මට හිතෙන්නේ නැහැ. අනික මට ඒක කවදාවත් කරන්නත් බැරි වෙයි. ඒ තරමටම ඒ චරිතය අනර්ඝයි. අපේ පවුල තුළ මා තරම් ඇයට සමීප චරිතයක් තවත් නැහැ. හැබැයි හැකියාවෙන් ඇය හා මම සමාන වෙන්නේ නැහැ. අනික මම හැමදාම උත්සාහ කළේ මම මමම වෙන්න. මට කවුරුත් වෙන්න ඕන වුණේ නැහැ. මම මමම වෙලා විඳින සතුට මට වෙන තැනක ගන්න බැහැ.

ඔබ රංගනයට පිවිසුනේ මඩොල්දූව චරිතය නිසා නෙවෙයිද, ඇත්තටම නැහැ. සමහරු මට කියනවා මේ චරිතය ලැබුණේ මගේ අක්කා මාලනි නිසා කියලා. ඒ කතාව බොරුවක්. ඒ දවස් වල පත්තරේ දැන්වීමක් දැකලා යි මමතිර පරීක්ෂණයට පැමිණියේ. අලුත් මුහුණුවරක් අවශ්‍යයයි තිබුන නිසාම මම හිතුවා මෙයට සහභාගි වෙන්න. මම හරි ආසාවෙන් කියවපු නාට්‍යයක් තමයි මඩොල්දූව කියන්නේ.

මඩොල්දුව පසුව ඔබ චිත්‍රපටවල රඟපෑවේ නැද්ද, ඇත්තම කතාව මම රඟපෑවේ නෑ නෙවෙයි මට අවස්ථාව ලැබුණේ නැහැ. මට ආයෙ චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ නැහැ. හැබැයි මම කිසිම වෙලාවක ඒකට දුක් වෙන්නේ නැහැ.චිත්‍රපට වලට ආරාධනා නොලැබුණ නොලැබුණු නිසාම මම ආයේ අධ්‍යාපනයට යොමු වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *