Sat. May 21st, 2022

පුංචි තිරය තුළ ඔහු දක්ෂ ප්‍රේමවන්තයෙක්. ඒ විදියට කලාවට පැමිණි ඔහු කලාවේම නිළියක් සමඟ අතිනත ගන්නේ ජීවිතයේ සතුට කියන දේ උදා කර ගනිමින්. පුංචි තිරය තුලින් නළුවෙක් වු ඔහු මේ වන විට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු විදිහට ද කටයුතු කරනවා. ඔහු මේනක. මේ සූදානම ඔහු ගැන කතා කරන්නයි. ඇත්තටම ඇයි ඔබ අධ්‍යක්ෂණය කියන දේට යොමු වුණේ, මේක මගේ හිතේ කාලයක් තිස්සේ තිබුන බලාපොරොත්තුවක්. නළුවෙක් විදිහට පුංචි තිරය තුළ ඉද්දි මම අධ්‍යක්ෂණය ගැන ඉගෙන ගත්තා. ඔය විදියට තමයි ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ඕන හැඟීම මට දැනුනේ. මීට කලිනුත් මම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කලා.මේ මගේ දෙවැනි අධ්‍යක්ෂණය සහිත ටෙලිනාට්‍ය.

වඩාත්ම ලේසි රංගනයද අධ්‍යක්ෂණය ද, රංගනය තුළ දී ලැබෙන්නේ නිවාඩුව අධ්‍යක්ෂණය තුළින් ලැබෙන්නේ නැහැ. රංගනය කියන දේ දී අපි සම්බන්ධ චරිතය ගැන අපි ගොඩක් හිතන්න ඕනෑ. හැබැයි අධ්‍යක්ෂණය කියන්නේ පැති ගොඩක් හිතලා හිතල බලන්න ඕන දෙයක්. රූගත කිරීම් අවසන් වෙනකන්ම අධ්‍යක්ෂකවරයා නිර්මාණය සමඟ බැඳිලා ඉන්න ඕන. එහෙම බලද්දි අධ්‍යක්ෂණය කියන්නේ ලොකු වගකීමක්.

තාත්තා කෙනෙක් විදිහට ලැබුණු වගකීම ගැන මොකද හිතන්නේ, දැන් ගෙවන ජීවිතය හරිම කාර්යබහුලයි. මම හැමදේම කළමනාකරණය කරගෙන පවුල වෙනුවෙනුත් කාලය වැයකරලා තමයි වැඩ කටයුතු කරන්නේ. සමහර වෙලාවට මට සමහර වගකීම් මඟ හැරෙනවා. හැබැයි නෙහාරා මගේ පිටිපස්සෙන්ම ඉඳලා ඒ හැමදේම මතක් කරනවා. සමහර දවස් වලට මට එක දිගට දවස් 10 12 ගෙදර යන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙලාවට මගෙ දෝනිට මම නැති අඩුව නෙහාරා දැනෙන්න දෙන්නෙ නැහැ. හැබැයි මම කොච්චර කාර්යබහුල වුණත් මම එයාල මගහැර ගන්නේ නැතුව වැඩ කරන්න උත්සාහ කරනවා.

අධ්‍යක්ෂණයට අමතරව ඔබ රංගන ශිල්පියෙකු විදිහටත් කටයුතු කරනවා නේද, ඔව් වේදිකා නාට්‍ය කීපයකටත් මම සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව රේස් රැල්ල වෙරලට ආදරෙයි ටෙලි නාට්‍ය වලට සම්බන්ධ වෙලා ඉන්නවා. තව ටෙලි නාට්‍ය කීපයක රූගත කිරීම් සිද්ධ වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *