Tue. May 17th, 2022

ස්වාධීන රූපවාහිනී නාලිකාවේ නාළිකාවේ විකාශය වුණ මුතු කිරිල්ලී ටෙලි නාට්‍ය හරහා බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත ඇය නෙහාරා පිරිස්. පුංචි උනත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ කියන කතාව වගේම ඇය ද පුංචි වුණත් රංගනය අතින් අති දක්ෂ රංගන ශිල්පිනියක්. බොහෝ දෙනෙක් අදටත් ඇයව හඳුනන්නේ මුතු කිරිල්ලී යනුවෙන්. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න.

ඇය විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රයේම අති දක්ෂ රංගන ශිල්පියෙකු සමග. ඒ මේනක රාජපක්ෂ.මෙම පුංචි කුරුළු කුඩුවට තවත් පුංචි පැටියෙක් එකතු වුණේ ඔවුන් ආදරණිය මව්පියන් කරමින්. පුංචි දියණියකගේ ආදරණීය මවක් වන නෙහාරා පහුගිය දිනවල තම දියණිය වෙනුවෙන් කාලය වෙන් කළ බවයි අපට දැනගන්න ලැබුණා. ඒ කොහොම වුණත් නැවතත් ඇය පුංචි තිරයට එකතු වී හමාරයි. දියණිය නිසා ම රංගනයෙන් මදක් ඈත් වූ ඇය නැවතත් තම ක්ෂේත්‍රයට එකතු වෙන්නේ එදා මෙන්ම දක්ෂතාවය අත තියාගෙන.

නෙහාරා කියන්නේ ජීවිතේ දිහා බොහොම සැහැල්ලුවෙන් බලලා රංගන ශිල්පිනියක් බව කවුරුත් දන්න කරුණක්. එයට හේතුව ඇයට මොන ප්‍රශ්න මොන බාධක ආවත් ඇය ඒ සියලු දේට යහපත් වූ මනසකින් යුතුව මුහුණ දෙනවා. ඒ නිසාම වෙන්න ඇති ඔවුන්ගේ ජිවිතේ සතුටින් ගෙවි යන්න හේතුව. පසු ගිය දිනෙක ආදරවන්තයින්ගේ දිනය හේතු කරගෙන තිබූ වැඩසටහනකින් නෙහාරා ගැන මේනක කියා තිබුනේ මේ වගේ අදහසක්,

”ඇත්තටම අපි දෙන්නාගෙන් වැඩිපුරම තරහ යන්නේ නෙහාරාට. එයා ඉක්මනින් කේන්ති ගන්න කෙනෙක්. හැබැයි මම එයාට කියලා තියෙන්නේ ඇඳට එද්දි ඒ හැම ප්‍රශ්නයක්ම විසඳගෙන එන්න ඕන කියලා. අපි ප්‍රශ්න දුරදිග අරන් යන අය නෙවෙයි.නෙහාරා මම දෙන්නම අවසානේ සොරි කියනවා. අපි දෙන්නාගෙන් කවුරු වැරදි කලත් දෙන්නම සොරි කියනවා. අපි අපිව තේරුම් අරගෙන තමයි ඉන්නේ” යනුවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *