Tue. May 17th, 2022

හැමෝම ආදරේ කරන දඟකාර රංගන ශිල්පිනියක් තමයි හර්ෂි අංජුමාලා කියන්නේ. මේ දිනවල ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන ‘රාජිනි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පනපොවන්නෙත් ඇය විසින්. ඉතින් අපි අද කතාකරන්නේ යන්නේ ඇය සමග දැන් ඔබ කළා ක්ෂේත්‍රයේ ගොඩක් ජනප්‍රියයි මෙහෙම ජනප්‍රිය වෙලා ඉදී එක පාරටම ඔබව කළා ක්ෂේත්‍රයෙන් ප්‍රතික්ෂේප වුණොත් මොකද කරන්නේ? එහෙම උනොත් මම මගේ අධ්‍යාපන ගැන හිතනවා. මම දැනටමත් විශ්වවිද්‍යාල උපාධිය අවසන් කරලයි තියෙන්නේ. ඒ නිසා මම තවත් ඉගන ගන්නවා, මට දැන් විසි හයයි මේ අවුරුදු විසි හයට මේ ක්ෂේත්‍රයත්, නර්තනය, රංගනය, නිවේදනය, රූපවාහිනී වැඩසටහනකට හෝ සජීවීව ගායනයෙන්ද, හඬ කැවීමෙන්ද, වෙළඳ දැන්වීම් වැනි හැම ක්ෂේත්‍රයකින්ම වගේ මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒනිසා මාව ප්‍රතිෂේප වුනත් මට දුක නෑ මොකද මම දැන් මගේ ටාගට් වලට ගිහින් ඉවරයි”

ඔබට ජීවිතේ මොකක්හරි සිදුවීමක් අමතක කරන්න අවස්තාවක් ලැබුනොත් ඔබ මොකද්ද අමතක කරන්නේ මොකද්ද ”මම ඉස්කෝලේ යන කාලේ ලිට්ල් ස්ටාර් තරගයට ගියපු කාලයේදී මට වඩා ටිකක් වැඩිමල් අක්කලා සම වයසේ සමහර අය මට ගොඩක් වෙනස්කම් කළා. ගොඩක් අය මට ආදරේ කරද්දී කිහිප දෙනෙක් මට පුදුම විදියට වෙනස්කම් කළේ. ඒ දේවල් නිසා මට ඉස්කෝලේ යන එකත් එපා වුනා. මගේ පුංචි හිත හැදුවේ මගේ අම්මා. ඉතින් ඒ වෙනස්කම් අමතක කරන්න පුළුවන් නම් මම අමතක කරනවා”

මේ දවස්වල රටේ තියෙන ප්‍රශ්න නිසා හර්ෂිටත් හොඳ රටකට, හොඳ රැකියාවක් ලැබුනොත් ඔබ ලංකාව දාලා යනවද ”අනේ නෑ මම මේ රටට ආදරෙයි අනික මට විතරක් නෙවෙයි මේක හැමෝටම අමාරු කාලයක් මේ වෙද්දී ”රාජිණී” ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් මමත් රඟපානවා. මට ඒකට අසාදාරනයක් කරන්න බෑ ඒ නිසාම නෙවෙයි කොහොමත් මම ලංකාවට ගොඩක් ආසයි. මම ලංකාවේ ඉන්න කෙනෙක් නම් මේ රටේ මිනිස්සු වගේම මේ දේවල්වලට මුහුණ දෙන්න ඕනේ. මේ දේවල් එක්ක ගැටෙන්න ඕනේ. මම වගකීමෙන් කියන්නේ නිලියෝ ඔක්කොම ලංකාව අත්හැරලා රට ගියත් මම යන්නේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *