Fri. Jan 28th, 2022

ගමකින් නගරයට පැමිණ සියලු රසික හදවත් ගායනය මුසපත් කරන්නට ඔහු සමත් වුණා. සියලු හදවත් ඔහු නමින් ඉඩක් වෙන්කර වෙන් කර ගන්නා තරමට තමන්ගෙ තැන ලියා ගන්නට ඔහු සමත් වුණා. කලක් ඔහු ගැන විවිධ කටකතා පැතිරෙද්දී ඔහු ගැන බොහෝ දෙනෙක් සොයන්න පටන් ගත්තා. ඔහුගේ නමින් සියලු හදවත් දුකින් තැවෙන්න වුණා. ප්‍රසංග වේදිකාවේ සුන්දර හදවතක් වූ ඔහු නමින් දමිත් අසංක. ඉතින් මේ සූදානම ඔහු ගැන කතා කරන්න. මේ දිනවල නිරන්තරයෙන් දකින්න නොලැබෙන ඔහු තෝරාගත් ආරාධනා කිහිපයක් පමණක් භාර ගෙන වැඩ කටයුතු කරන බවයි මුලින්ම අප හා පවසා සිටියේ.

පහුගිය කාලේ ඔබ ගැන කට කතා බොහොමයක් පැතිරුණා. ඇත්තටම ඒ සිදුවීම මොකක්ද, ”දමිත් අසංක කියන්නේ රසිකයන්ගේ ආදරය දිනාගත්ත චරිතයක්. ජනප්‍රිය වීමත් එක්ක සමහර වෙලාවට අපිට අපේ පෞද්ගලික ජීවිතය පවා නැති වෙනවා. මම ගැන පහුගිය කාලේ පැතිරුණ කටකතා ගොඩක්ම බොරු ඒවා. සමාජයේ මිනිසුන් විඳපු නැති දුක් මම විඳලා තියෙනවා. ඒ නිසාම මාව වට්ටන්න ටිකක් අමාරුයි. හැබැයි මම එක දෙයක් තේරුම් ගත්තා. ඒ අපිට ලං වෙන සමහර මිනිස්සුම තමයි අපේ ජීවිතයට වල කපන්නේ.

මම සිවුරක් හොරකම් කරා කියලා කට කතාවක් පැතිරුණා. ඒක සම්පූර්ණ බොරුවක් .මම ලොකු හාමුදුරුවන්ගේ අවසරය ඇතුවයි නිර්මාණයකට සිවුරක් අරගෙන ආවේ. හැබැයි මගේ ඥාතීන් පැවසේ මට පිස්සු කියලා. පොලිසියෙන් ඇවිත් මාව අරගෙන ගිහින් වෛද්‍යවරු ළඟට දාලා ප්‍රශ්න අහන්න පටන් ගත්තා. ඒ අහපු ප්‍රශ්න වලට පිස්සු නැතත් පිස්සු හැදෙනවා. මට වෙලාවට කලකිරීමක් දැනුනා ඇයි මම ආදරේ කරපු මනුස්සයොම මට ඇයි මෙහෙම කළේ කියලා. හැබැයි මම ජීවිතේ කොයිම වෙලාවකවත් පසුතැවෙන කෙනෙක් නෙවෙයි. මොකද මම බොහොම අවංකව ජීවත් වෙන කෙනෙක්. මම මේ ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු එකොළහකට වැඩියි. ඒ නිසාම ගොඩක් දේවල් තේරුම් අරගෙන ඉන්නේ.

එතකොට ඔබට මේ දේවල් වෙන්න හේතුව ප්‍රේමයක්ද, ”මම හිතන්නේ අපි කවුරුත් මැරෙනකම්ම ආදරේ කරනවා ආදරේ හොයනවා, මම ගැන පැතිරුණු ගොඩක් කට කතා බොරු. මොකද මට කිසිම ගායිකාවක් මට කිසිම රංගන ශිල්පිනියක් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් නැහැ. මම කියන්න බය වෙන කෙනෙක් නෙවෙයි. අපි කවුරුත් ගොඩක් වෙලාවට ආදරේ ඉස්සරහ මුලා වෙනවා. විවිධ කාලවලදි මගේ හිතේ ආදර හැඟීම් ඇති වුණා. හැබැයි ඒ දේවල් ඇතිවෙලා නැතිවෙලා ගියා. ඒ හැමදේම ගෙවුන අතීතයට අයිති දේවල්. අනික මට බිරිඳක් ඉන්නවා දරුවෝ ඉන්නවා, මම තාම ආදරේ කරන්නේ මගේ බිරිඳට මගේ ළමයිට”

ඔබ ජීවිතය ගැන ජීවිතය ගැන කලකිරීමෙන් ද කතා කරන්න, ”කළකිරීමක් කියන්නේ ඒ හැමදේම සිද්ධ වෙලා ඉවර වුන දේවල්. මගේ හිතේ කිසිම කෙනෙක් ගැන තරහක් නැහැ.මම කිසිම කෙනෙකුට වෛර කරන කෙනෙකුත් නෙවෙයි. බුදුහාමුදුරුවන්ට වුනත් ලෙඩ රෝග හැදුනා. ඉතින් මට වුණත් ජීවිතේ යම් තැනක දී යම් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මගේ ඇඟ ඇතුලේ මොනතරම් ලෙඩ රෝග තියෙනවද කියලා කියල මම දන්නෙ නැහැ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *