Sat. May 21st, 2022

නෙහාරා පීරිස් කියන්නේ මේ රටේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය මේ වනවිට ආදරණීය මවක් වෙනවා. ආදරණීය දියණිය සමග කාලේ ගත කරන නෙහාරා එක්ක පුංචි වෙලාවක් කතා කරන්න අපි හිතුවා. ඇය අවුරුදු ගානකට පසු පුංචි තිරයේ නිර්මාණයට යළිත් සම්බන්ධ වීම ප්‍රේක්ෂකයන්ගේ සතුටට කරුණක් වෙනවා. ඇගේ පෞද්ගලික හේතූන් මත ඇය පුංචි තිරයට යම් සීමා පැන වුවත් මේ වන විට ඇය ඒ සීමා බිඳ දමමින් රංගනයට එකතු වෙලා ඉන්නවා. මුලින්ම ඔබේ අලුත් රංගන නිර්මාණය ගැන කතා කළොත්,

”ඇත්තටම ගුග්ලි කියන නාට්‍ය මට විශේෂ වෙනවා. මොකද මේ කතාවේ අධ්‍යක්ෂවරයා මගේ සැමියා මේනක පිරිස්. එයා මේ නාට්‍යය පිටපත ලියද්දි ම මට කිව්වා මේ නාට්‍යය ගැන. හැබැයි මගේ කාර්යබහුලත්වයත් එක්ක මට ඒකට කාලෙ වැය කරන්න බැරි වුණා. අවසානයේ මම ටිකක් නිදහස් වුනහම මම ඒ ගැන හිතලා බලන්න පටන් ගත්තා. පිටපත කියවද්දි ම මට ඒ චරිතයට ආසාවක් ඇති වුණා. ඒක හරි හැඟීම්බර කතා පිටපතක්.”

නිහාරා මේනක කියන්නේ පුංචි තිරයේ ආදරණීය යුවලක්. අධ්‍යක්ෂක වරයෙක් විදිහට මේනක ඔබව මෙහෙයවද්දී කොහොමද ඔබට දැනෙන්නේ, ”මම මේ නිර්මාණයට සම්බන්ධ වුණ මුල්ම දවසේ ඇත්තටම මට හිනා ගියා. මම කොහොමත් නිතරම හිනා වෙලා ඉන්න කෙනෙක්. මට නිදිමත වැඩි වුනහමත් හිනා යනවා. කොහොම වුණත් එයා මම වැඩ කටයුතු කරද්දී හොඳ තේරුම් ගැනීමකින් වැඩ කටයුතු කරනවා නිර්මාණ තුළ දී. ඔහු අධ්‍යක්ෂක වරයෙක් නිසා මම ඔහු කියන දේවල් නිර්මාණය තුළදී අහනවා.”

ගුග්ලි ටෙලිනාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද, ”මේ වෙනකම් විකාශය වුන කොටස් වලින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය කියන්නෙ නෙහාරා අපිවත් අඩවන එක කරනවා කියලා. මොකද පහුගිය කාලේ පුරාවටම තිබ්බේ අඬන කොටස්. මේකේ රඟපාන අයත් කියනවා මම අඬද්දි එයාලටත් ඇඬෙනවා කියලා. ඉතින් ඒ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මටත් ලොකු සතුටක් ලැබෙනවා මගේ චරිතයට මම සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා. යම් චරිතයක් සාර්ථක වෙන්න ප්‍රේක්ෂක ප්‍රතිචාර අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. විශේෂම දේ මමත් දැන් අම්මා කෙනෙක් නිසාම වෙන්න ඇති මට මේ චරිතය හොඳට කරන්න පුළුවන් වෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *