Tue. May 17th, 2022

කාලයක් ලංකාවේ හැමෝම ගොඩක් ආදරේ කල යුවලක් තමයි නාමල් සහ ලිමිනි කියන්නේ. ලිමිනි වීරසිංහ කියන්නේ ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙකුවන තිලක් වීරසිංහගේ ආදරණීය දියණියයි. ඉතින් රාජපක්ෂ පවුල සමග තිලක් වීරසිංග මහතා සම්බන්ද වුන ආකාරය ගැන කියන්නේ මේ වගේ කතාවක් ”මහින්ද මහත්තයාගේ පවුල මම හඳුනන්නේ අවුරුදු 15කටත් කලින් ඉඳලා ඒ හැඳුනුම් කම ඇතිවුනේ ජාල ක්‍රීඩා කටයුතු නිසා. පුංචි කාලේ ඉඳලම නාමල් සහ යෝෂිත කියන ළමයි දෙන්නම ජාල ක්‍රීඩා වලට එන්නේ අපේ ආයතනයට. ඒ ඇවිල්ලා තමයි මේ සම්බන්දය ඇතිවුනේ”

තිලක් වීරසිංහ මහතා මෙරට සංචාරක ක්‍ෂේත්‍රය තුළ පෙරමුණේ වැජඹෙන ව්‍යාපාරිකයෙක්. ඒ වගේම එල්.එස්.ආර්. නමින් පවත්වාගෙන යන මෙම සුප්‍රසිද්ධ ආයතනයට මරිනා සුපිරි හෝටල් සමූහය හා කිමිඳුම් පාසල් මෙන්ම කිමිඳුම් ආයතන සියල්ල ඇතුළත් වෙනවා.

නාමල් සහ ලිමිනි මේ වනවිට දෙමාපියන් යුවලක්. කොහොම වුනත් මේ කියන්නේ යන්නේ මේ යුවල පිලිබඳ වෙනස්ම කතාවක් මේ වනවිට ලංකාව පාලනය කරන රාජපක්ෂ පවුලට විරුද්ධව විශාල හඬක් අවදිවෙලා තියෙනවා. ඉතින් මෙම තත්වයත් සමග නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ මේ වනවිට ලංකාව හැර ගිහින් කියලා දැනගන්න ලැබුනා. කොහොම වුනත් ඇය පිටත්ව ගිය රට සහ ස්ථානය ප්‍රසිද්ධ කරලා නෑ. ඒ වගේම ඇය සමග පවුලේ නව දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මේ වනවිට ලංකාවෙන් පිටවගොස් ඇති බවට විශ්වාසනීය පුවත් ජාලයක් වන dailymirror හරහා අපට දැනගන්න ලැබුනා. ඉතින් මේ සිදුවීම පිලිබඳ ඔබේ අදහස කුමක්ද.?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *