නාන කාමරයේ මේ දේවල් තියෙනවනම් ඒ ගැන සැලකිලිමත් වෙන්න

අද අපි කතා කරන්න යන්නේ නානකාමරය ගැන. නිවසක් තුළ නානකාමරයේ පිරිසුදුකම හා පිළිවෙළ ගොඩක් වැදගත් වෙනවා. ඊට හේතුව නිවැසියන් මෙන්ම නිවසට පැමිණෙන අයද පොදුවේ නානකාමරය භාවිතා කිරීමයි. නාන කාමරයේ ප්‍රිය මනාප බව නැති කරමින් නොගැලපෙන දේවල් වලින් එය පිරි ඇත්නම් නිවැසියන්ට මෙන්ම නිවසට එන අයට ද ඔවුන් ගැන ඇති වන්නේ සෘණාත්මක ආකල්පයක්. ඒ නිසාම නාන කාමරයක ආකර්ෂණීයත්වය ධනාත්මක ආකල්ප වලට බලපානවා. අද අපි කතා කරන්න යන්නේ නාන කාමරය අවලස්සන කරන දේවල් දහයක් ගැන. මේ කතා කරන කරුණු ඔබේ නාන කාමරය තුළ තිබේ නම් එම කරුණු ගැන සැලකිලිමත් වි වහාම ඔබේ නාන කාමරය වෙනස් කළ යුතුයි.

සබන් රඳවන ප්ලාස්ටික් රඳවන වෙනුවට ගුණාත්මක ඊයම් වැනි යෙදුමක් භාවිතා කිරීම. එයට හේතුව සබන් රදවනයට ප්ලාස්ටික් රදවනයක් පාවිච්චි කරන්නේනම් සබන් සමග ජලය මිශ්‍ර වි සබන් කැට ඉක්මනින් දියවී යාමකට ලක්විමයි. ඒ නිසා ලෝහමය සබන්රදවනයක් භාවිතා කල යුතුයි.

Pvc කාපට් එකවර බොහෝ ප්‍රමාණයක් මිලදී ගත හැකි නිසා බොහෝ දෙනා නාන කාමරයට මෙම කාපට් භාවිතා කරනවා. නමුත් pvc කාපට් වල ජලය හොඳින් උරන්නේ නැත. එමෙන්ම ඒවා දිගු කලක් පාවිච්චි කල නොහැක. ඒ නිසා නාන කාමරයට ඒවා භාවිතා නොකර රබර් වලින් සකසා ඇති cotton rug හෝ bamboo mat කාපට් වර්ග භාවිතා කළ යුතුයි. මෙම කාපට් වර්ග විවිධ වර්ණ වලින් ද මිලදී ගත හැක. ඒ නාන කාමරයට වඩා ආකර්ෂණයත්වයක් හිමිවේ.

toilet paper රදවනයක් නොමැතිවීම. ප්ලාස්ටික් හෝ ලී වලින් හෝ ලෝහ වලින් toilet paper රඳවනයක් නාන කාමරය තුළ තිබිය යුතුයි. එසේ නොමැති වුවහොත් එම රෝල බිමට වැටී තෙත් වි අපිරිසිදු විය හැක. නාන කාමරය තුළ අපිරිසිදු වු ඉරිගිය අවලස්සන පුස් වු තිර ඇත්නම් එයද නාන කාමරය අවලස්සන කරනවා. විශේෂයෙන්ම ප්ලාස්ටික් නිරන්තරයෙන් පිරිසිදු කළ නොහැකි නිසා ඒවා පිරිසුදු පිරිසුදු කමින් අඩුය.නාන කාමර⁣යේ තිරයද පිරිසිදු විය යුතුයි.

සින්ක් එක හෝ බාත් ටබ් එක වටා ෂැම්පු බෝතල් ආදිය තිබිම. ඔබේ නානකාමරය තුල මෙවැනි දේ තිබේ නම් එයට වෙනම රාක්කයක් තිබිය යුතුයි. තැන තැන එවැනි බෝතල් නොතිබිය යුතුයි. බාත් ටබ් එක සහ සින්ක් එකේ කොන් අපිරිසිදු වීම. මෙවැනි දේවල් බිත්තියට සවි කර ඇති නිසා පිරිසිදු කිරිම අපහසුය. එම නිසා නිරන්තරයෙන් කුණු බැඳීම සිදු වේ. බොහෝ දෙනෙකු මෙම කොන් පිරිසිදු නොකරයි. එයට හේතුව එය පිරිසුදු කිරීම අපහසු නිසා. නමුත් නාන කාමරයට යන අයෙකුගේ නෙත ඉක්මනින් මෙය හා ගැටෙයි. මේ ගැන ද සැලකිලිමත් විය යුතුයි.

දීප්තිමත් තද පැහැයෙන් යුතු ටයිල් අල්ලා තිබීම. ගල් හෝ ලි රටා මවන ටයිල් වර්ග භාවිතා කළ යුතුයි නානකාමරයට. වඩාත් තද වර්ණ ඇසට අපහසුය. නානකාමරය තුළ රෙදි වැල් බැඳ තැබීම. නාන කාමරය අවලස්සන කරන කරුණක් විදිහට මෙය දක්වන්න පුළුවන්. නාන කාමර තුළ ඉක්මනින් රෙදි වියලා ගැනීමක් සිදු කළ නොහැක. එනිසා නානකාමරය තුළ රෙදි වැනිමක් සිදු නොකළ යුතුය. එයට වෙනත් ක්‍රම භාවිතා කළ යුතුය.

පොළොවට දිලිසෙන ටයිල් අල්ලා තිබීම. මෙහිදි මෙම ටයිල් ඉක්මනින් අපවිත්‍ර වීම සිදුවේ. තවද ලිස්සන බවද මෙම ටයිල් වල වැඩිය. එමනිසා නාන කාමරයකට දිලිසෙන ටයිල් භාවිතය කිරීම සුදුසු නැත. ප්ලාස්ටික් පැනල් භාවිතය.නාන කාමරයේ බිත්ති සදහා භාවිතා කර ඇති බොහෝ ප්ලාස්ටික් ඇක්සස් පැනල් තද සුදු ඒවා වේ. ඒවා ඉක්මනින් දුර්වර්ණ වී කහ පැහැයට හැරේ. තවද ජලය නිසා කරාමයෙන් බිත්තියෙන් එල්ලා වැටීම ද සිදු වේ. එම නිසා මේ සඳහා තීන්ත ආලේප කළ හැක. පැනල්, ටයිල් ආකාරයෙන්,ස්ලයිඩිං දොරවල් ලෙස සකසා භාවිතා කල හැක.

Leave a comment

Your email address will not be published. Required fields are marked *