‘නළුවෙක් වෙන්න ගිහින් වෙච්ච දේවල් නිසා කෝට්ටේ බදාගෙන ඇඬුවා’ ඉෂාන් කියන කතාව

දකුණු පළාතෙක් කලාවට සම්බන්ධ වෙන ඔහු ඉෂාන්, අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔහු සමඟයි. මේ දවස්වල විකාශනය වන ‘පාරදිගේ’ ටිලිනාට්‍ය නිසා ඉශාන් දැන් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ දවල හැමෝම අතර ජනප්‍රිය ඉෂාන් ආව ගමන ගැන මොකද හිතෙන්නේ, මට කියන්න බැරි සතුටක් දැනෙනවා. මම කොළඹට ඇවිත් විදපු දුක් ගැන දන්නේ මම විතරයි. ඒ කට්ට කියලා ඉවර කරන්න බෑ. සමහර දවස්වල මම රඟපාන්න යන සෙසු චරිත පෙන්නුවේ නැතිවුනහම මම ගොඩක් ඇඩුවා. මම කොච්චර ඇඩුවද කියලා දන්නේ මගේ කොට්ටය. මොකද ගෙදර අයටවත් මම ම⁣ගේ වේදනාව කියලා නෑ. වතුර බිලා කෑමක් නැතුව කොළඹ හිටපු දවස් පවා මට තිබුනා. මොන දේ වුනත් අද මගේ මුළු ගෙදරම සතුටින් ඉන්නවා.

ඉෂාන් අවුරුදු කුමාරයා තරඟයටත් සහභාගි වුන කෙනෙක් නේද, ඇත්තටම ඔව්, අවුරුදු කිහිපයක් තිස්සේ මම ඒ තරඟ වලට ඉදිරිපත් වුනා. මගේ අම්මලා තමා ඒවට උදව් කලේ. හැබැයි මට ජයග්‍රාහණයක් ලබාගන්න බැරි වුනා. හැබැයි කාලයත් එක්ක මම හැමදේම ටිකටික තේරුම් ගන්න පුරුදු වුනා.

පොඩි කාලේ කවුරු වෙන්නද කැමති වුනේ, මට එහෙම ලොකු අරමුණක් තිබුන කෙනෙක් නෙවෙයි. මම නිතර නිතර වෙනස් වෙන කෙනෙක්. කාලයක් චිත්‍ර ශිල්පියෙක් වෙන්න ආසකලා. ආයේ ගුරුවරයෙක් වෙන්න කැමති වුනා. ගායකයෙක්, නිරූපන ශිල්පියෙක් වෙන්න මේ වගේ හින ගොඩක් තිබුනා. හැබැයි උසස් පෙල කරද්දි මම කැමති වුනේ මොන කට්ටක් කාලා හරි නළුවෙක් වෙන්න. මම මාව විස්වාසකරන නිසා මට ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා මම හිතනවා.

ඔබ ජපානයට ගියේ ඇයි,ගොඩක් දේවල් ගැන මට කලකිරිමක් ඇති වුනා. සෞන්දර්ය විශ්ව විද්‍යාලයට තේරිලත් මම ගියේ නෑ. මම පෞද්ගලික ආයතනයක හොද රැකියාවක් කලා. මට ඒක හරි ගියෙත් නෑ. මම ජපානයට ගියා 2017 අර්ධ කාලින රැකියාවකට. එහේ ඉද්දි අහම්බෙන් මට ආයේ නළුවෙක් වෙන්න හිතුනා. ඉතින් ආයේ මම ලංකාවට එන්න තිරණය කලා.විසා ඉවර වෙන්න කලින් මම ලංකාවට ආවා.

පාසලේ ඔබ මොන වගේ චරිතයක්ද? “මම පාසලේ දඟකාර චරිතයක්.ගොඩක් අයගේ ආකර්ෂණය දිනාගන්න මම කැමතියි. පාසල් කාලේ පවා මම මියුසික් විඩියෝ කලා.⁣ මම කලාව කියන දේට ගොඩක් කැමතියි ඒ කාලේ.මට මේ කිසි දේක ආභාෂයක් නෑ. හැබැයි පාසල් කාලේ ඉදන් මට නළු උණ තිබුනා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *