නළුවෙක් නිලියක් වගේ හැඩ වෙන්න සුපිරි රසස් රැසක්

ලස්සන කියන්නේ අපි කවුරුත් ආස කරන දෙයක්.ජීවිතය තුළ අපි කවුරුත් ලස්සනට ඉන්න ගොඩක් කැමතියි. අන්න ඒ නිසාම ලස්සනට ඉන්න පුළුවන්කෙටි ක්‍රම කිහිපයක් ගැන කතා කරන්නයි අද අපි සුදානම් වෙන්නේ. බාහිර ලස්සන තියා ගැනීමේ මූලිකම හේතුව වන්නේ සම ලස්සනට පවත්වාගෙන යාමයි. සම ලස්සනට තියාගන්න බාහිර පෙනුම වර්ධනය කරගන්න පහත ක්‍රම භාවිතා කරන්න පුළුවන්.

උදෑසන 10 සිට සවස තුන හතර වන තෙක් පවතින හිරු එළියට නිරාවරණය නොවිය යුතුයි. එයට හේතුව වැටෙන දැඩි අව්රශ්මිය සමට පීඩා ගෙන දීමයි. අප නිරන්තරයෙන්ම ඇඳිය යුතු ඇඳුම් වන්නේ අපේ රටේ දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ඇඳුම්. අපේ රටේ පවතින්නේ දැඩි උණුසුම් තත්වයක්. ඒ නිසාම නිරන්තරයෙන් සෑම පුද්ගලයෙකුටම දහඩිය දැමීමක් සිදුවෙනවා. ඒ නිසාම නිරන්තරයෙන්ම කපු ඇඳුම් ඇඳීමට පුරුදු විය යුතුයි. ඇඟට තදවන ඇඳුම් නොඇසේ යුතුයි.

පුද්ගලයෙකු දිනකට වතුර ලීටර් දෙකහමාරක් වත් පානය කළ යුතුයි. එයට හේතුව අපේ සම වියළි නොවි පවත්වා ගැනීමයි. සම වියළි වුවහොත් බාහිර පෙනුම අවලස්සන වෙනවා. ඒ නිසාම නිරන්තරයෙන් සමේ තෙතමනය පවත්වා ගත යුතුයි. අප සම⁣ට ගැළපෙන සබන් වර්ග පාවිච්චි කළ යුතුයි. රළු ගොරෝසු නැති සෞඛ්‍යාරක්ෂිත සබන් පාවිච්චි කිරීමට වගබලා ගත යුතුයි. ශරීරයේ කුණු ඉවත් කිරීමට සම තදින් ඇතිල්ලීම නොකල යුතුයි. එසේ සිදු කල හොත් සමට විශාල හානියක් සිදු වේ.

සෑම පුද්ගලයෙකුම සමේ රෝම කූප ඉවත් කිරීමේදී සැලකිලිමත් විය යුතුයි. සමේ ආරක්ෂාවට තියෙන රෝම කූප රේසර් වැක්ස් කිරීමෙන් ඉවත් කළත් එය සිදු කිරීමේදී සමට තුවාල නොවිය යුතුයි. සම පමණක් නොව දෙපා ද නිරන්තරයෙන් පිරිසිදුව තිබිය යුතුයි. සෑම පුද්ගලයෙකුම පෝෂදායි ආහාර වේලකට හුරු විය යුතුයි.නිරෝගිකම මෙන්ම සමේ පැහැපත් බව ද එවිට රැකගත හැකියි. හිස කෙස් වර්ධනයටද පෝෂදායි ආහාර වේලක් බලපානවා. ශරීරයේ අභ්‍යන්තර නිරෝගිකම වෙනුවෙන් මත්පැන් දුම්පානය නැවැත්විය යුතුයි.

ජීවිතය තුළ අනවශ්‍ය ලෙස ප්‍රශ්න ගැන සිතමින් අනවශ්‍ය ආතතීන් පෙලීම නතර කළ යුතුයි. සෑම පුද්ගලයෙකුම පැය හයක සුවදායි නින්දක් ලැබිය යුතුයි. සුවදායි නින්දක් නොලැබුණු බවට හොඳම සාක්ෂිය වන්නේ ඔබේ දෑස්. සුන්දරත්වයක් නැති ඔබේ ඇස් ඔබේ පෙනුමට බෙහෙවින් බලපානවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *