‘නවීන්ට මාව ජීවිතේට සප්‍රයිස් කරන්න බෑ’ ජනප්‍රිය නිලි හංසිනී කියන කතාව

දෙරණ ඩ්‍රිම් ස්ටාර් හරහා කරළියට එන ඇය මේ දිනවල කාගෙත් අතර ජනප්‍රිය සංගීතය ටෙලිනාට්‍ය ද සම්බන්ධ වෙනවා. නමින් හංසිනී විමල්සිරි. හංසිනි විවාහ වෙන්නේ කලාවටම සම්බන්ධ කෙනෙක් සමග. ඇත්තටම නවින් ඔබට ජිවිතේ සප්‍රයිස් දිලා නැද්ද, නවින් කියන්නේ සප්‍රයිස් වලට වලට කැමැති කෙනෙක් නෙවෙයි. හැබැයි මම නම් සප්‍රයිස් වලට කැමති කෙනෙක්. නවිනුයි මමයි හමු වෙලා දැන් අවුරුදු හතරක් විතර වෙනවා. ඒ කිසිම අවුරුද්දක නවීන්ට හරියට මාව සප්‍රයිස් කරන්න බැරි වුණා. කොහොමත් එයාට හොර වැඩක් කරන්න බැහැ මට අහු නොවී. මම හිතන්නේ මුළු ජීවිත කාලෙම එයාට බැරි වෙයි මාව සප්‍රයිස් කරන්න. මමත් ඒ නිසා වැඩිය ඒ දේවල් හිතන්නේ නැහැ ඒ නිසා.

කලා ශිල්පිනියක් විදිහට ඔබට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරේ කොහොමද, ”2017 වර්ෂයේ තමා මං කලාවට එන්නේ. ඒ වර්ෂයේ ඉඳලා අද වෙනකම් මට ප්‍රේක්ෂකයින්ගෙන් ලැබෙන ආදරේ කිසිම අඩුවක් නෑ. මට පෞද්ගලිකව පවා දුරකථන ඇමතුම් එනවා. නොහිතපු විදිහට ආදරයක් මට ප්‍රේක්ෂකයින් මේ වෙද්දී ලැබෙනවා. මම හිතන්නේ මගේ ලොකුම වත්කම ප්‍රේක්ෂකයින් කියලා. මොකද එයාලගෙ ආදරේ නිසා තමයි මම අද මෙතන ඉන්නේ. මම හිතනවා ඉදිරියටත් එයාලා මාත් එක්ක මේ විදිහටම ඉඳීවි කියලා.”

ඔබේ පුංචි කාලේ ගැන මතක් කළොත්, ”1993 තමයි මම ඉපදෙන්නේ. මම පවුලේ බාලයා. මට ඉන්න අයියලා තුන්දෙනෙක්. ඉතිං ඒ නිසා නීති යටතේ තමයි මම ජීවිතේ ගොඩක් හරියක් ගත කළේ. මොකද අයියලා තුන් දෙනා මාව ගොඩක් පරිස්සම් කළා. තාත්තා අයියලා තුන්දෙනා යටතේ තමා මම ගොඩක් හැදුනේ. අපේ අම්මා තාත්තා දෙන්නම රජයේ නිලධාරීන්. පවුලක් විදිහට අපි ගොඩක් සතුටින් ජීවත් වුනා.”

ගායනයෙන් කලාවට පිවිසුණු ඔබ දැන් රංගන ශිල්පිනියක්. ඉතින් ඔබට ප්‍රසිද්ධියේ උපන්දින කේක් කපන්න එහෙම සිද්ධ වෙලා නැද්ද, ”ගොඩක් දුරට මගේ උපන් දිනය යෙදෙන්නේ නිවාඩු දවසට. මම සම්බන්ධ වෙන සංගීතය ටෙලිනාට්‍යයයේ අයට නම් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මගේ බර්ත්ඩේ එක දවස මට බිත්තර එහෙම ගහන්න. හැබැයි එයාලටත් ඒකට අවස්ථාව ලැබිලා නැහැ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *