නයනතාර මගේ හක්ක පනින්න එකක් දුන්නා, සුජානි හිනාවෙනවා හොඳ වැඩේ කියලා – බිමල් ජයකොඩි

බිමල් ජයකොඩි කියන්නේ ලංකාවේ කළා ලෝකයේ කළා තරු වලට ආදරේ කරන ඔබට නුහුරු නමක් වෙන්න බෑ, විවිද සිනමා පට හරහා එකිනෙකට වෙනස් චරිත රැසකට රංගන දායකත්වය ලබාදෙමින් ඔබ හමුවට පැමිණි ආදරණීය රංගන ශිල්පියෙකු වන බිමල් සමගයි අද අපේ මේ කතාබහ, ඉතින් බිමල් කොහොමද ජීවිතේ මොකද වෙන්නේ මේ දවස්වල ‘මේ දවස්වල නිර්මාණ කිහිපයක් ගැනම බලන ගමන් ඉන්නේ, විශේෂම නිර්මාණය තමයි ‘සිනෙමා’, ඒ නිර්මාණයේ ලැබුන චරිතයට ඇත්තටම මම ගොඩක් කැමතියි ඉතින් ඒ නිර්මානයත් එක්ක තව පොඩි පොඩි වැඩ ටිකකුත් කරගෙන ඉන්නවා, සිනෙමා එකට සිනමාව ඇතුලේ පිරිස් කියනවා මරු බන් කියලා, හැබැයි මම රඟපාපු චරිතය නිසා ප්‍රේක්‍ෂකයන්ගෙන් මට ලොකු විරෝධයක් වගේම විවේචනයක් තියෙනව මොකද ඒ නාට්‍යයේ ප්‍රශාන නිළිය වන නයනතාරගෙන් මම කනේ පාරකුත් කනවා නේ”

නයනතාරාගෙන් එල්ල වෙන්නේ අති තාත්වික පහරක් නේද බිමල් ”ඔව් ඔව් හොඳ වෙලාවට වන්ටේක් ශුට් කරන්න පුළුවන් වුනා, එහෙම නොවුණ නම් නයනතාරා දුන්න පාරට මට හක්කක් දාන්න වෙනව. අපේ මේ ෆිල්ම් එක බැලුවේ මීට අවුරුදු තුනකට විතර කලින් ඒ වෙලාවේ සුජානි නම් කිවුවේ හොඳ වැඩේ බිමල් ඔයාට කියලා, හැබැයි දැන් බලද්දී අපිට හිතෙනවා එතනට තව තව පොඩි දේවල් ටිකක් එකතු වුනානම් හොඳයි කියලා”

ඇත්තටම බිමල් කියන්නේ දැඩි තීරණ ගන්න චරිතයක්ද..? ”මෙහෙමයි ප්‍රතිපත්තිමය වශයෙන් මම ඉස්සර හිටපු බිමල්ම තමයි, මගේ කිසිම වෙනසක් වෙලා නෑ, යම් නිර්මාණයක් නීරසයි නම්, මට සහ ප්‍රේක්‍ෂකයාට වගකියන්නෙ නැතිනම්, හරයක් නැත්නම් එතනින් මම නැගිටලා යනව ඒ මගේ හැටි, මම එදත් එහෙමයි අදත් එහෙමයි මම හෙටත් එහෙමයි ඒක වෙනස් වෙන්නේ නෑ, මොකද රංගන ශිල්පියෙක් විදියට අපි මේ හැමදේම කරන්නෙ ප්‍රේක්‍ෂකයාගේ සතුට වෙනුවෙන්. ඉතින් ප්‍රේක්ෂයන්ට ඒ සතුට දෙන්න බැරිනම් තව එක මොහොතක්වත් මම එතන ඉන්නේ නෑ”

Related Posts

Leave a Reply

Your email address will not be published.