නත්තල් සීයත් වශීවෙන කුමාරිකාවක් වගේ සුන්දර ශනුද්‍රිගේ නත්තල් හැඩ වැඩ

කළා ලෝකයේ හැමෝම ගොඩක් ආදරේ කරන කළා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. කාලෙන් කාලෙට ලංකාවේ කළා ලෝකයට විවිද පුවත් මවන කළා පවුලක් විදියට ප්‍රියසාද් පවුල හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රියසාද් පවුලේ ඉන්නේ සහෝදරියන් තිදෙනෙක්. කළා ලෝකයේ රූප සුන්දරියන් තිදෙනෙක්ම ඉන්න පවුල විදියට මේ පවුල හඳුන්වන්නත් පුළුවන්. ඉතින් මේ පවුලේ රූප සුන්දරියන් දෙදෙනෙක්ම මේවනවිට විවාහකයි. ඒ දිනක්ෂි සහ ශේශාද්රි. මේ දෙදෙනාම විවාහ වෙන්නේ කලාවට සම්බන්ද අය සමග.

ඉතින් දැන් මේ පවුලේ තනිකඩව ඉන්න දඟකාරිය තමයි ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ. පුංචි කාලයේ ඉඳල කලාවට සම්බන්ද ඇය පසුව ලංකාවේ හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වුනා ඒ, මේ දිනවල අතිශය ජනප්‍රිය දෙවෙනි ඉනිම නාට්‍යයේ සමල්කාගේ චරිතය හරහා. දීර්ඝ කාලයක් මෙම නාට්‍යට සම්බන්දවෙලා සිටි ශනුද්‍රි පසුව එම නාට්‍යයෙන් ඉවත්වෙනවා.

ඉන්පසු ඇය විවිද ටෙලිනාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය ලබාදුන්නා. නමුත් එම ටෙලිනාට්‍ය ලංකාවේ පේක්ෂකයින් අතර දෙවෙනි ඉනිම තරම් ජනප්‍රිය වුනේ නෑ. කොහොම වුනත් ශනුද්‍රි තවමත් තනිකඩයි. ඉතින් ඒ පිලිබඳ ඇය කියන්නේ මේ වගේ කතාවක් ”හැමෝම මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕක. අක්කලා දෙන්නම බැන්දා ඔයා කවද්ද බඳින්නේ කියලා, ඇත්තම කියනවනම් මටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමයි. මම කවදා බඳීවිද කියලා මටත් හරියටම කියන්න බෑ මොකද මම තවම පෙම්වතියක් නෙවෙයි. බලමු ඉස්සහරහ මොනවා වෙයිද කියලා”

ශනුද්‍රි ඔබ නත්තලට ගොඩක් ආසයි නේද..? ”ඇත්තටම ඔව්. මම නත්තලට ගොඩක්ම ආසයි. මම සතුටින්ම ගතකරන කාලය තමයි නත්තල් කාලය කියන්නේ. මම ජේසුස්වහන්සේගේ පොඩි පින්තුරයක් බෑග් එකෙ තියාගෙන ඉන්නවා. ඊට අමතරව අපේ පවුලෙ පස්දෙනාගේ පින්තූරයක් තියෙනවා. නත්තල කියන්නේ හරිම සුන්දර කාලයක් නත්තල් ගස් හදන්න නත්තල් සැරසිලි හදන්න මම ගොඩක් ආසයි”

ඉතින් ශනුද්‍රි නත්තල වෙනුවෙන් ශනුද්‍රි ගොඩක් සුන්දර පින්තූර කිහිපයක්ම සමාජ ජාලාවලට එකතුකරලා තිබ්බා. ඉතින් මේ සුන්දර පින්තූර දැකපු හැමෝම වගේ කිවුවේ ඇයගේ සුන්දරත්වයට නත්තල් සීයා උනත් වශී වෙන්න පුළුවන් කියලා. ඔබට ඒ ගැන හිතෙන්නේ මොකද්ද?

Leave a comment

Your email address will not be published. Required fields are marked *