Sat. May 21st, 2022

පියුමි බොතේජු කියන්නේ මෙරට සිටින දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. ජීවිතේ මොන හැලහැප්පීම් ආවත් ඇය ජීවිතයේ ඉදිරියට ගියේ ඒ හැම බාධකයක් ජය අරගෙන. ඇය දායක වන හැම චරිතයකටම සාධාරණය ඉෂ්ට කරන්නට දෙවරක් සිතන්නේ නැත. ඒ කෙසේ වෙතත් මේ දිනවල බොහෝ දෙනෙක් පියුමි ගැන කතා කරන්නේ වෙනත් හේතුවක් මත. ඒ ධනුක විසින් තම මුහුණු පොතට එක් කර තිබූ ඡායාරූපයක් නිසා. මංගල ඇඳුමකින් සැරසුණ ඔවුන් දෙදෙනාගේ අපූරු ඡායාරූප යටත් ධනුක අපූරූ සටහනකුත් එක්කර තිබුනා. ඒ ”සමාවෙන්න ඕනි ළඟම පිරිසකට විතරයි කිවේ.” යනුවෙන් පවසමින්.

කෙසේ වෙතත් බොහෝ දෙනා අද පියුමි ගැන කතා කරන්නේ ඇය විවාහ දිවියට එළැඹ ඇතැයි සිතමින්. නමුත් පියුමි විසින් මෙම පුවත ගැන කිසිදු දෙයක් තවමත් ප්‍රකාශයට පත් කරලා නෑ. ඒ කෙසේ වෙතත් එම ඡායාරූපයට අපූරු කමෙන්ට් රැසක් රසිකයන්ගෙන් ලැබි තියෙනවා. ඒ අතර සමහර ප්‍රවීණයන්ද ඔවුන්ට සුභ පැතුම් එක් කර තිබුණා. ඒ කොහොම වුණත් ප්‍රසිද්ධ ගායන ශිල්පී අමල් පෙරේරා විසින් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගන්න අපූරු කමෙන්ට් ටිකක් දමා තිබුණා. ඒ තමා ”ඔයත් ඉතින් දැඟලුවේ අක්කා කෙනෙක් අල්ලගන්නේ” කියලා.

පියුමි සැබවින්ම විවාහ ජීවිතයට එළඹුනාද යන්න තවමත් පවතින්නේ සැකයක් පමණි. ඒ කොහොම වුණත් පියුමි කියන්නේ විටෙක හාස්‍යය මවන දක්ෂ රංගන ශිල්පිනියක් බව ද කිව යුතුයි. ඇය සහභාගි වන රංගනය තාත්වික රංගනයක් බවද එම රංගනය තුළ ඇගේ රංගන හැකියාවද මැනවින් ⁣රසිකයාට ලබා දිමට ඇයද රංගන ශිල්පිනියක් ලෙස සමත් වෙනවා.

ඉතින් මේ සිදුවීම පිලිබඳ පියුමි අපිට කිවුවේ මේ වගේ කතාවක් ‘දනුක මල්ලි පොටෝ ටිකක් දාලා තිබ්බා කාටවත් වෙඩින් එක කිවුවේ නෑ කියලා මේක දැන් ගොඩක් වයිරල් වෙලා මට කෝල් දාහට වඩා ආවා මේ ගැන අහලා, මම දැම්ම මේ ගැන මොනවත් කියන්නේ නෑ පොඩි කුතුහලයක් නේ ඉවසීමෙන් බලාගෙන ඉන්නකෝ’ කියලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *