පියුමි බොතේජු කියන්නේ ලංකාවේ ඉන්න හැමෝම ආදරේ කරන රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක්. ‘රංජා’ ‘සුහද කොකා’ ‘මගේ යාළු මාළු’ වැනි සිනමාපට හරහා හැමෝගෙම ආදරේ දිනාගත්ත ඇය මෑතකදීනම් කළා නිර්මාණ හරහා නිතර දැකගන්න ලැබුනේ නෑ. කොහොම වුනත් පසුගිය කාලයේ පියුමි ගැන වැඩිපුරම කතාවුනේ ඇයගේ විවාහය දෙදරා යාමත් සමග.
පියුමි විවාහ වෙන්නේ දේශපාලන ලෝකයට සම්බන්ද පුද්ගලයෙක් සමග. කොහොම වුනත් ඔවුන් අතර ඇතිවුන පුද්ගලික ගැටළු කිහිපයක් නිසා ඔවුන් දෙදෙනා එම විවාහයට සමුදෙනවා. මේ වනවිට පියුමි තනිකඩ කාන්තාවක්. හැබැයි පසුගිය දිනක ඇය නැවත විවාහ වෙලා කියලා කට කතාවක් පැතිර ගියා, ඒ ලංකාවේ ජනප්‍රිය නළුවෙක් වන, නමුත් එය රූගත කිරීමක් බව පසුව හෙළි වුනා.
පියුමි රිදී තිරයෙන් සහ පුංචි තිරයෙන් වැඩිය දකින්න නොලැබුනත්, ඇය සමාජ ජාලා හරහා ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ඇය පසුගිය දිනක අපූරු පින්තූර කිහිපයක් සමාජ ජාලා වලට එකතු කරලා තිබ්බා ඒ විශේෂ සටහනක් සමග ඒ තමයි ‘ඔබ සහ ඔබේ හැඟීම් ගැන විශ්වාස කරන්න. ඔබේ හදවත ඔබට මඟ පෙන්වන දේ කිරීමට ඔබම විශ්වාස කරන්න. ඔබේ බුද්ධිය විශ්වාස කරන්න.’ කියලා