‘දේශපාලනේට එන්න කියලා ආරාධනා ලැබෙනවා’ ජනප්‍රිය නිලි සංගීතා කියන කතාව

සංගීතා වීරරත්න කියන්නේ මෙරට සිනමාව තුළ නොමැකෙන නමක් ලියු දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඇය ගැනයි. ඉතින් ආදරණිය දියණිය සහ සැමියා එක්ක ඔබ ගත කරන ජිවිතේ කොහොමද, ”ඇත්තටම අපි තුන් දෙනා ⁣විතරක් නෙවෙයි අපේ පවුල ඇතුලේ ජිවත් වෙන්නේ. මගේ පවුල පුංචි නෑ ලොකු පවුලක්.මොකද රොෂාන්ගේ අම්මලා නෑනලා සේරම ඉන්නවා. ඉතින් මම හරි ආසාවෙන් ඒ පවුල ඇතුලේ ජිවත් වෙනවා. මොන ප්‍රශ්න ආවත් ඒ ⁣දේවල් දරාගන්න ලොකු හයියක් පවුල ඇතුලෙන් ලැබෙනවා. පාලුව කියන දේ මගේ ජිවිතේට දැනෙන්නේ හරිම අඩුවෙන්. ඒකට හේතුව අප් පවුලක් ⁣විදිහට සතුටින් ආදරණියව ජිවත් වෙන නිසා.”

ඉස්සර වගේ එක දිගට දැන් ඔබව දකින්න ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ ඉස්සර වගේ රඟපාන්නේ නැද්ද ”රංගනය කියන දේ ඇතුලේ අපිට ලැබෙන හැම චරිතයක්ම රගපාන්න ඕන කියලා මම හිතන්නේ නෑ.⁣ මට ඕන ප්‍රේක්ෂකයන් අතරට යන චරිතයක් හා දැනෙන චරිතයක් වෙන්න.මෑතකදි මට දිගින් දිගටම ටෙලිනාට්‍ය වලටත් ආරාධනා ලැබුනා.ඒ අතරින් එත පිටපතකට ම⁣⁣ගේ හිතත් ගියා.ඉතින් අද රිදි තිරයට වඩා පුංචි තිරය ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රිය වෙද්දි ඒකට හරි විදිහට වැඩ කරන්න මේ කාලය ඇව්ත් කියලා හිතනවා.”

දේශපාලනයට එන්න ආසාවක් නැද්ද, ”මට චිත්‍රපටයක දේශපාලන චරිතය කරන එක ලේසි ඇත්තටම දේශපාලනයට එනවට වඩා. මට ගොඩක් ආරාධනා ආවා දේශපාලනේට ඉන්න කියලා. කොහොම වුනත් මම දේශපාලනයට එන්න කිසි අදහසක් නෑ. ආසාවකුත් නෑ. දේශපාලනය කියන්නේ ලොකු වගකිමක්. දේශපාලනයට එන්නම ඕන නෑ සේවයක් කරන්න. අපි දේශපාලනයට ⁣ඇවිත් නැතුව පුළුවන් විදිහට සමාජ ක්‍රියාකාරි දේවල් කරනවා. හැබැයි දේශපාලනය ඇතුලේ මේ කියන දේවල් සංකිර්ණයි.”

එදා සහ අද සිනමාව ගැන කතා කලොත්, ”පැහැදිලි වෙනසක් තියෙනවා මේ දෙක අතරේ. මම කලාවට ආව මුල් කාලේ තිබුනේ තනිකරම කොපි කළ සිනමා යුගයක්. හැබැයි අද ඒ හැමදේම වෙනස්. අද නිර්මාණාත්මක ගුණාත්මක නිර්මාණ බිහිවෙනවා. අපි ලෝකයට චිත්‍රපට කළ යුතු කාලයක් උදා වෙලා කියලයි මම හිතන්නේ.”

අපි කාටවත් වළක්වන්න බැරි දෙයක් තමයි වයසට යනවා කියන එක. ඉතින් සංගීතා වුණත් තරුණ පෙනුමෙන් ඈත් වෙලා ටික ටික වයසට යනවා. ඔබට කොහොමද වෙනස දැනෙන්නේ, ඒ වෙනස කාට වුනත් දරාගන්න හරි අමාරුයි.ඒක හදවතට දැනෙන හැඟීමක්. අවුරුදු තිහකට කලින් රඟපාපු සංගීතා නෙවෙයි අද ඉන්නේ. මගේ තාත්තා මට නිතරම දෙයක් කිව්වා. ඒකතමා කන්දක් නැග්ගොත් පල්ලමක් හමුවෙනවා. ඉතින් මම මේක ලෝක ස්වභාවය කියලා තේරුම් අරගෙන ඉන්නේ. මගේ අම්මා තාත්තා ගැහැනියක් විදිහට මාව ශක්තිමත් කළේ පොළොවේ පය ගහල ජීවත් වෙන්න. ඒ ලබපු පන්නරය නිසාම මම ගැහැනියක් විදිහට සමාජය ඉස්සරහ කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙද්දී මේ වෙනස්වීම දරාගන්නත් පුරුදු වුණා.ඇත්තටම මට ඒ වෙනස දරාගන්න අපහසු වුණේ නැහැ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *