‘දේශපාලනය කියන්නේ අසූචි වලක්’ කලකිරුන ගයාන් කියන කතාව

සිරස ටීවී නාලිකාවේ විකාශය වෙන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍ය කියන්නේ ලොකු කුඩා හැමෝම ආදරේ කරන ටෙලි නාට්‍යයක්. මේ ටෙලි නාට්‍යයේ රඟපාන්න සෑම චරිතයක් ම තම චරිතයට උපරිම සාධාරණත්වය ඉෂ්ට කරන්නේ විටෙක මෙය ටෙලි කතාවක් ද යන්න ප්‍රේක්ෂකයාට පවා කුතුහලයක් ඉතුරු කරමින්. අපි කතා කරන්න සූදානම් වෙන්නේ පුංචි තිරය තුළ වඩාත් ජනප්‍රිය චරිතයක්. ගයාන් වික්‍රමතිලක කියන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පියෙක්. කලා ක්ෂේත්‍රයටම සම්බන්ධ චතුරිකා පිරිස් සමඟ අතිනත ගන්නා ඔහු මේ වන විට ආදරණීය පියෙක්. වඩාත් කාර්ය බහුල ජීවිතයක් ගත කරන ගයාන් ජීවිතයේ පළමු තැන පවුලට දෙන බවයි අප හා කියා සිටියේ. එමෙන්ම ඔහු පවසා සිටියේ ඔහු හා චතුරිකා කිසිදු විටෙක දියණිය ආරාධනාව තනි නොකරන බවයි.

දැනට පවතින අඩු බජට් ක්‍රමයට ටෙලි කතාවලට සම්බන්ධ වීම ගැන ඔබේ අදහස කුමක්ද, ඇත්තටම මේ කාලය කියන්නේ ටෙලිනාට්‍යය විනාශ වීගෙන යන කාලයයි. අඩු වියදමක් නිසා කලාකරුවන්ගේ අනන්‍යතාව විනාශ වෙනවා. මට ඇත්තටම අනාගත කලාව ගැන තියෙන්නේ දුකක්. මම මගේ දුවගේ තැන ඉදන් කතා කරනවා නම් ඇත්තටම මම කැමති නැහැ කිසිම දවසක මගේ දුව රංගනයට එනවට. මගේ දුව කවදා හරි රංගනයට එනවා නම් ඇයට නියම ගෞරවය නියම වටිනාකම හිමිවිය යුතුයි. විශේෂිතම කාරණය කෙනෙක් රංගනයට යොමු වෙනවා නම් ඔහුට හෝ ඇයට අනිවාර්යෙන්ම වෘත්තියක් තිබිය යුතුයි. මොකද ඔහු හෝ ඇය වෘත්තිමය ආදායමක් ලැබිය යුතුයි.අපේ රට කියන්නේ කලාකරුවන්ට ගෞරවය දෙනවා වගේම කලා කරුවන්ට අපහාස කරන තැනක්. කෙටියෙන්ම කිව්වොත් අපේ රටේ සමහර නිළියන්ව හඳුන්වන්නෙත් බඩුව යන නමින්. සමහර මිනිසුන් හිතාගෙන ඉන්නේ නිළියෝ සෑම පිරිමියෙකු හා සමඟම යන බවයි. අපේ රටේ කලාවට සංස්කෘතියට නිසි තැන ලැබෙන්නේ නැහැ. ඒ නිසාම මේ හැමදේම පිරිහෙමින් යනවා.

ගයාන් ලොකු කලකිරීමකින් නේද කතා කරන්නේ, ”කලකිරිමක් නැහැ.මොකද මම හැමදේම තේරුම් අරගෙන තමයි මේ රටේ ජීවත් වෙන්නේ. මේ රට පාලනය කරන්න වත් කිසිම පක්ෂයකට පුළුවන්කමක් ලැබුණේ නැහැ. මේ රටේ කිසිම දේශපාලනඥයෙක් මේ රටේ කලාකරුවන්ට සුදුසු තැන ලබා දෙන්න උත්සාහ කරේ නෑ. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කළේ නැහැ. නිරන්තරයෙන්ම අපේ රටේ දේශපාලනය කරන අය කළේ ඔවුන්ට යන පාර හදාගන්න කලාකරුවන් පාවිච්චි කරපු එක. කෙටියෙන් කලාකරුවන් අලෙවිය සඳහා යොදා ගත්තා. මම නම් අලෙවි වෙන්නට කලින් මේ හැමදේම තේරුම් අරගෙන පැත්තකට වුණා. මේ රටේ දේශපාලනය කියන්නේ අසූචි වලක්. මොකද කලාකරුවන්ට අවැසි දේ කරන්න මේ රටේ දේශපාලනය කරන අය කවදාවත් ඉඩ දුන්නේ නැහැ.මේ රටේ දේශපාලඥයෝ කියන්නේ තනිකරම හොරු.”

චතුරිකා තිර රචනය කරන ඔබ නිෂ්පාදනය කරන නිර්මාණයක් ලඟදිම එළි බහිනවා නේද, ”ඇත්තටම ඔව් මමත් චතුරිකාත් කාලයක් තිස්සේ බලාගෙන හිටපු දෙයක් තමයි මේක. අද වෙනකන් සිද්ධ වුණේ මගේ නිර්මාණ සඳහා චතුරිකා නිෂ්පාදනයෙන් සම්බන්ධ වීමයි. මෙහි දී සිදුවන්නේ එහි අනිත් පැත්ත. චතුරිකා මේ සියල්ල කළේ මමත් සමග සමග කතාබහ කරමින්. මගේ සිතුම් පැතුම් මගේ නිර්මාණශීලී හැකියාව ඇය හොඳින් තේරුම් ගත්තා. ඒ නිසා ඇය හොඳ නිර්මාණයක් බිහි කරන්න උත්සාහ කළා. අපි දෙන්නට මේ ක්‍රියාදාමයේ දී ආධුනික බවක් නම් තිබුණෙ නැහැ .ඇත්තටම මම හිතනවා මගේ ජීවිතේට හරිම කෙනා ලැබුනා කියලා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *