දෙසැම්බර් මම ලංකාවට එනවා, මම රසිකයින් ලක්ෂයක් ඉන්න ප්‍රසංගයක් කරනවා

මැණිකේ මගේ හිතේ ගීතය ගායනා කරලා ලෝකෙම ජනප්‍රිය වුන අපේ රටේ ඉන්න දක්ෂ ගායිකාවක් තමයි යෝහානි කියන්නේ, ඉති අපි හිතනවා යෝහානි ගැන ඔබට අලුතෙන් හඳුන්වා දෙන්න ඕන නෑ කියලා, මොකද යෝහානි මේ වනවිට ලෝකෙම ආදරේ කරන ලෝකෙම දන්නා චරිතයක්, ඉතින් මේ විදියට හැමෝම අතරේ ජනප්‍රියවෙලා ඉන්න යෝහානි ලෝකෙම කතා වෙන දැවන්ත සිනමා පටයට සිය හඬ දායකත්වය ලබා දුන්නා, ඒ මැණිකේ මගේ හිතේ ගීතයේ හින්දි වර්ෂන් එක හරහා, ඒ සිනමාපටය තමයි thank god, මෙම මාසයේ 25වන දින ඉඳලා මේ දැවැන්ත සිනමා නිර්මාණය ලෝකය පුරා ප්‍රධර්ශනය ආරම්භ කරනවා, ඉතින් අපි හිතුවා ලෝකෙම ආදරේ කරන අපේ කෙල්ල යෝයානි එක්ක ටිකක් කතා කරන්න,

ඉතින් කොහොමද යෝහානි මොකද වෙන්නේ මේ දවස්වල ”මම ගොඩක් හොඳින් ඉන්නවා, හැබැයි ඉතින් ටිකක් කාර්යබහුලයි, මොකද මම ඉන්නේ ඉන්දියාවේ, මෙහෙ වැඩ ගොඩක් වෙනවා, ඉතින් නිතරම ලංකාවට එන්න ආයේ යන්න බෑ, ටයිම් අපරාදේ නේ, ඉතින් මම ඉන්දියාවටම වෙලා ඉන්නවා, ඒ වගේම තව ප්‍රසංග කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා, ඒ වැඩත් කරන ගමන් තමයි අනිත් දේවල් කරගෙන යන්නේ”

මැණිකේ ගීතය ඔයාව මෙච්චර දුරක් අරගෙන යාවි කියලා හීනෙකින්වත් හිතුවද..? නැහැ මම කවදාවත් හිතුවේ නෑ, මේ ගීතය මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුනා, මම ලංකාවේ ජනප්‍රිය වුනේ දෙවියන්ගේ බාරේ කියන රැප් එකේ කවර් එකකින්, ඊටපස්සේ මට ලංකාවේ ලොකු ෆෑන් බේස් එකක් හැදුනා, ඊටපස්සේ මැණිකේ ගීතය නිසා මට ලෝකෙම ජනප්‍රිය වෙන්න පුළුවන් වුනා, හැබැයි මම සංගීතයට යොමුවුණේ ජනප්‍රිය වෙන්න නෙවෙයි, ඉතින් මම මගේ ජනප්‍රියත්වය පවත්වාගෙන යන්න ට්‍රයි කරන්නේ නෑ. හැබැයි සංගීතය නිසා මට ගොඩක් අයගේ ආදරේ ලැබුනා, ඒක ලොකු වාසනාවක්, ඉතින් ඉදිරියේදී හොඳ නිර්මාණ බිහිකරන්න තමයි මම හිතාගෙන ඉන්නේ ඒ වගේම රසිකයන් ලක්ෂයක් ඉන්න ප්‍රසංගයක් කරන්න තමයි මම හිතාගෙන ඉන්නේ”

ඉන්දියාවේ පදිංචි වෙන්නද හිතාගෙන ඉන්නේ, ”එහෙම නෑ දැනට මගේ වැඩ ගොඩක් රන් වෙන්නේ ඉන්දියාවේ, ඉතින් මම එහෙ ඉන්න එක මට ලේසියි, කොහොම වුනත් මම මට පුළුවන් හැම වෙලාවකම ලංකාවට එනවා, මම තාම තීරණය කරලා නෑ කොහෙද පදිංචි වෙන්නේ කියලා, හැබැයි මම ලබන දෙසැම්බර් මාසයේදී ලංකාවට එනවා,

Related Posts

Leave a Reply

Your email address will not be published.