‘දෙවෙනි ඉනිම නිසා මම මාර අමාරුවක වැටුනේ’ අරුණි මෙන්ඩිස් කියන කතාව

දෙවනි ඉනිම ටෙලිනාට්‍ය කියන්නේ මෙගා නාට්‍ය කලාවේ හැරවුමක් කිවොත් නිවැරදියි. අරුණි මෙන්ඩිස් කියන්නේ දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ නිලුගේ චරිතය ඔස්සේ ප්‍රෙක්ෂකයන්ට හමුවන චරිතයක්. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්නයි. ඇය අපි හා කතාවට එකතු වුනේ දෙවනි ඉනිම ටෙලිනාට්‍ය නිසා මුහුණ දුන් අත්දැකිමක් සමග,

ඉතින් ඒ අත්දැකීම පිලිබඳ ඇය කිවුවේ මේ වගේ කතාවක් “පහුගිය කාලයේ දවසක මට ඕනි වුනා මම හිටපු නවාතැන මාරු කරලා අලුත් තැනක් හොයගන්න. එහිද මම අන්තර්ජාලයෙන් තැනක් හොයාගෙන කතා කලා. එහිදි මට කතා කලේ කාන්තාවක්. මම ඒ වෙලාවේ මම ගැන කෙටි හැදින්විමක් කලා. එයා මට දවසක එන්න කිවා තැන බලන්න. මම ඉතින් පුළුවන් දවසක ගියා ගේ බලන්න. මම ගියපු ගමන් මට හිතුනා ඒ කාන්තාව මාව අදුරගත්තා කියලා. මම මුලින්ම කතා කරපු දවසේ කිවා මම මාධ්‍ය ⁣කේෂත්‍රයට සම්බන්ධ කෙනෙක් කියලා. මට ඒ දැකපු වෙලානේ හිතුනත් එයාමාව අදුරගත්තා කියලා මට දැනුනත් මම කිවා මට ඇනෙක්ස් එක බලන්න ඕන කියලා. හැබැයි ඒ කාන්තාව මට කිවා ඔයාටනම් ගේ දෙන්න බෑ කියලා. මම ඒක වැඩිය ගනන් ගත්තේ නෑ. හැබැයි එයා ආයේත් ඒකම කිවුවා. එයා දෙවනි ඉනිම නිලුගේ චරිතයෙක් මාව බලලා. ඉතින් ඒ ගෑනු කිවුවා මම එයාලාගේ ගෙවල් දොරවල් පවා ලියා ගනීවි කියලා. මම ඉතින් ඒ ගෑනු කෙනා කියන දේවල් අහගෙන ඉඳලා කිසිම දෙයක් නොකියා. ආපහු එන්න ආවා එදා.”

දෙවනි ඉනිමට ලැබෙන ප්‍රතිචාර, “මේකයි ඕනිම චරිතයක් රඟපාද්දි ගුණ වගේම අගුණත් අහන්න වෙනවා.සමහරු මට හොද කියනවා.සමහරු මගේ නරක කියනවා.හැබැයි මම දන්නවා මට වෙන්වුන මට ආදරේ කඑන වෙනම රසික පිරිසක් දෙවනි ඉනිම නිසා මට ලැබුනා කියලා.”

අරුණිගේ පාසල් කාලේ ගැන මතක් කලොත්, “මගේ ජිවිතේ වැඩිම මතක ඉතුරු කරපු කාලය තමයි පාසල් කාලය කියන්නේ. පාසල් කාලේ මම ගොඩක් දඟ කෙනෙක්. අපි ⁣ගොඩක් වෙලාවට පාසල් ගියේ ගුරුවරු අඩු දවසට. මොකද සෙල්ලම් කරන්න ආසාවෙන්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *