‘දෙවෙනි ඉනිමට එද්දී මම හොඳට තෙම්පරාදු වෙලා හිටියේ’ ජනප්‍රිය නිලි හිමාලි කියන කතාව

දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නිවේදිකාවක් වෙන හිමාලි සයුරංගි දෙවනි ඉනිම ටෙලිනාට්‍ය තුළ කලක් කතා වෙද්දි මේ දිනවල ඇය ගැන කතා වෙන්නේ හිරු නාලිකාවේ දිවිතුරා ටෙලිනාට්‍ය සමඟ. ඉතින් මේ දිනවල බොහෝ දෙනෙක් කතා කන මේ චරිතය ගැන කතා කරන්න අපිත් හිතුවා. මේ දිනවල හිමාලිගේ කළා කටයුතු ගැන ඇය පැවසුවේ මෙවැනි දෙයක් “මේ දවස්වල දෙවනි ඉනිම, දිවිතුරා ටෙලිනාට්‍ය වල රංගනයට සම්බන්ධ වෙනවා.ඊට අමතරව මගේ දුවත් එක්ක කාලය ගත කරනවා.වෙනද වගේම කාර්යබහුල චරිතයක් තමා මම”

වර්තමාන ටෙලිනිර්මාණ ගැන මොකද හිතන්නේ “ඇත්තටම වර්තමානයේ ටෙලිනාට්‍ය තුළ කිසි සුදානම් විමක් දකින්න නැති තරම්. මොකද වැඩ භාරගෙන සතියයි ඊලග සතියේ ෂුටින් පටන් ගන්නවා. ඉස්සරනම් පිටපක දිලා ඇදුම් පැලදුම් මේකප් මෙ හැමදේම කලින් පරික්ෂා කරලයි නිර්මාණයට සම්බන්ධ කරගන්නේ. ඒත් අද අපි ඇදුම පවා දකින්නේ ෂුටින් ගියාට පස්සේ. හැබැයි මම රංගනයට සම්බන්ධ වෙන දිවිතුරා ටෙලිනාට්‍ය පෙර සුදානමක් එක්ක යන කතාවක්. මොකද ඒ තරම් පිලිවෙලයි සියළු කටයුතු”

දිවිතුරා ටෙලිනාට්‍යයේ හෙක්ටර්, අතුල ඔබ දකින්නේ කොහොමද ? ”අතුල අයියා කියන්නේ කලාවට අලුත් කෙනෙක් නෙවෙයි. ඔහු හොදට රඟපානවා. හෙක්ටර් කියන්නේ රංගනයට ආදුනික කෙනෙක්. හැබැයි එයා ආදුනික වුනාට ආදුනික බව නොපෙන්වා රඟපානවා. ඒ අතින් හෙක්ටර් කියන චරිතය රංගනය තුළ සාර්ථක කෙනෙක්.

ඔබ චරිත තෝර බේරගෙන රඟපාන කෙනෙක්ද? “ඔව් මම එහෙම කෙනෙක්. මම දෙවනි ඉනිම ටෙලිනාට්‍යයට එද්දි හොදට තෙම්පරාදු වුන චරිතයක්. මොකද මම චරිත වලට සම්බන්ධ වෙන්නේ ගොඩක් හිතලා බලලා. දිවිතුරා නාට්‍යය කියන්නේ හැම අතින්ම සාර්ථක ටෙලිනාට්‍යයක්. මම දෙවනි ඉනිම ටෙලි නාට්‍ය තුළ වුනත් කොටුවෙලා ඉන්න කෙනෙක්නම් නෙවෙයි.”

මේ ගෙවන කාලය ගැන මොකද හිතන්නේ, “ම⁣ම කාලය ගොඩක් සතුටින් ගෙවනවා. රංගනය වගේම දුවගේ වැඩත් එක්ක කාර්යබහුල වුනත් මම සතුටින් ජිවිතේ ගත ⁣කරන කෙනෙක්. ඉතින් ගෙවෙන කාලේ ගෙවුනා වගේම තමා වෙනසක් නෑ කිසිම.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *