Tue. May 17th, 2022

ගැහැනියක් යන්නේ සමාජයේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන කතක්. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නමින් කාංචනා ඛාන්. ඇය මනීෂා නාමල් ගමගේ ආදරණිය නැගණියයි. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න.ඇය මේක පුදුම කතාවක් චිත්‍රපටියේ සෙනාලිගේ චරිතයට පණ පොවනවා. කොහොමද පෞද්ගලික ජීවිතයත් එක්ක කලා ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරගෙන යන්නේ,මම මගේ පෞද්ගලික ජීවිතය ගැන කිසිම මාධ්‍යයක් ඉස්සරහ ප්‍රකාශ කරලා නැහැ.අනික මට මොන වැඩකටයුතු තිබ්බත් මම කලා ජීවිතයේ පෞද්ගලික ජීවිතය දෙක එකට පටලව ගන්නේ නැහැ මම මට පැවරෙන රාජකාරිය හරියටම ඉටු කරනවා. කොහොමත් නිදහසේ සරළවල ජීවත් වෙන කෙනෙක් තමයි මම.

ඔබ ආව ගමන ගැන ඔබ සතුටු වෙනවද, මම ආව ගමන ගැන මට ගොඩක් සතුටුයි. හෙමින් ආව ගමනක් වුනත් මට බාධක තිබුණා. හැබැයි මම ගැහැනියක් විදියට ඒ හැම දේටම ශක්තිමත්ව මුහුණ දුන්නා. මම මට ලැබෙන හැම චරිතයකටම මට පුළුවන් උපරිම සාධාරණත්වය කරනවා. කලිනුත් කළා. ඉතින් මේ විදියට මම හිමින් මේ ගමන යනවා. මට ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න ලොකු හදිස්සියක් නැහැ. මට ක්ෂේත්‍රයේ මේ වෙනකම් කිසිම කතාවක් හැදිලා නැහැ. ඉතින් මම මේ විදියට දිගටම මගේ ගමන යන යන්න බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලයේ ඔබ බොහෝ ජනප්‍රිය චරිතයක් වුණා නේද,ඔව් හදවතේ කථාව ටෙලිනාට්‍ය හරහා මම ප්‍රේක්ෂකයින් අතරට ආවා කාන්ති කියන චරිතය හරහා. ගොඩක් අය ඒ චරිතය නිසා මාව ප්‍රතික්ෂේප කළා. හැබැයි පස්සේ හොඳට කතා කළා.කොහොම වුණත් ඒ චරිතය හරහා මට ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. ඉතාමත් හොඳ ප්‍රතිචාර මට ලැබුණා. ඉතින් ඒ නිසා මම හිතනවා ඒ චරිතය මම උපරිම සාධාරණත්වය කළා කියලා.

ඔබ වඩාත් කැමැති සිනමාවටද පුංචි තිරයටද, මට එහෙම කිසිම වර්ගීකරණයක් නැහැ. හැබැයි ගෙවන පහුගිය කාලේ පුරාවටම වැඩි කාලයක් යොමු කළේ චිත්‍රපට වෙනුවෙන්. සමහර විට මගේ උස පෙනුම නිසා මාව චිත්‍රපටි වලට වැඩි වශයෙන් ගන්නවා ඇති. වේදිකාවට වුණත් මම කැමතියි. හැබැයි මට වේදිකාව වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න පුළුවන් කමක් නැහැ.

මේක පුදුම කතාවක් චිත්‍රපටය හරහා ඔබේ ජීවිතයේ වෙනසක් සිදු වේවි නේද, ඔව් මම හිතනවා ඒ චිත්‍රපටය මගේ හැරවුම් ලක්ෂය වෙයි කියලා. මේ චිත්‍රපටයේ මම රඟපාන්නේ උප ප්‍රධාන චරිතයක්. මම මවකගේ චරිතයක් තමයි රඟපාන්නේ. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ ජීවිතේ මේ වගේ චරිත මම කවදාවත් රඟපාලා නෑ. මේ චරිතය ජීවිතය වෙනස් කරන චරිතයක්. මම හිතනවා මේ චරිතය වුණත් ප්‍රේක්ෂකයින් ආදරයෙන් වැළඳ ගනීවි කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *