දෙන්නා තුන්දෙනා වෙනකන් හැමෝම ආසාවෙන් බලන් හිටපු රාජ් – නදී ආදරය රටම හඬවමින් දෙදරා යයි

කාලෙන් කාලෙට ලංකාවේ විවිද ආදර කතා ජනප්‍රිය වෙනවා, ඉතින් ඒ වගේ පසුගිය කාලයේ ලංකාවේ වැඩිපුරම ජනප්‍රිය වුන ආදර සම්බන්දය තමයි ජනප්‍රිය නිරූපන ශිල්පිනියක වගේම ජනප්‍රිය නිළියක වන ප්‍රගීත් ගේ ආදර කතාව, කොහොම වුනත් මේ ආදරණීය යුවලට දැන් ඇස්වහ වැදිලා කියලයි ගොඩක් කට්ටිය කියන්නේ, ඒ වගේම ප්‍රගීත් පියුමි හන්සමාලිට චීට් කරලා කියලා පියුමිගේ අතටම අහුවෙලා, ඉතින් ඒකට රිටන් එක දෙන්න පියුමිත් ප්‍රගීත්ට චීට් කරලා, දැන් මේ ආදරය දෙදරලා ගිහින් තියෙන්නේ, ඉතින් අපි අද කියන්න යන්නෙත් ඒ වගේම කතාවක්, ඒ තමයි හැමෝගෙම අවධානය දිනාගන්න සමත්වුණ වෙනස්ම ආකාරයේ යුවලකගේ ආදර කතාවක්,

ලංකාවේ සම රිසි අයිතිය වෙනුවෙන් කෙලින්ම පෙනී හිටපු ආදරණීය යුවලක් තමයි රාජ් ජයවර්ධන සහ නදී ජයවර්ධන කියන්නේ, රාජ් කියන්නේ මීට වසර ගණනාවකට කලින් සුන්දර තරුණියක්, ඒ වගේම ඇය විවාහ වෙලා හිටියේ දකුණු පළාතේ තරුණයෙක් සමග, කොහොම වුනත් මේ විවාහය සාර්ථක වෙන්නේ නෑ, මොකද ඒකට හේතුව කියන්නේ මේ තරුණිය ආදරේ කලේ තවත් තරුණියකට, ඉතින් ඒ හේතුව නිසා රාජ් කාන්තාවක කාලයේ විවාහ වෙලා හිටපු තරුණයාගෙන් වෙන් වෙලා නදී සමග ආදරයෙන් බැඳෙනවා, ඉතින් මේ ගැටලුව නිසා රාජ් විවාහ වෙලා හිටපු තරුණයා විදේශගත වෙනවා,

කොහොම උනත් මේ වනවිට ඔයාලා හැමෝම ආදරේ කරන රාජ් ජයවර්ධන සහ නදී ජයවර්ධන ගේ ආදර කතාව අවසන් වෙලා කියලා අපිට දැනගන්න ලැබුනා, කාන්තාවක් විදියට ඉපදිලා ආදරේ කරන කාන්තාව වෙනුවෙන් තමන්ගේ කාන්තා ස්භාවය නැති කරගෙන පිරිමියෙක් බවට පත්වුණ රාජ් දැන් තනිවෙලා, කොහොමවුනත් රාජ් සහ නදී තවම නීතියෙන් වෙන්වෙලා නෑ කියලයි අපිට දැනගන්න ලැබුනේ, ඉතින් මේ සිදුවීම සම්බන්දයෙන් නදීගේ සහ රාජ්ගේ ආදරනීය මිතුරන් රැසක් විවිද කතා කියලා තිබුනා, කොහොම වුනත් මේ දවස්වල ආදරවන්තයින්ට හොඳ කාලයක් නෙවෙයි, ඉතින් රාජ්ටත් නදීටත් ආයෙමත් එකතුවෙන්න ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා,

Related Posts

Leave a Reply

Your email address will not be published.