‘දුව විවාහ වෙන දවසෙම මමත් විවාහ වෙනවා’ ජනප්‍රිය නිලි නිල්මිණි කියන කතාව

නිල්මිණි තෙන්නකෝන් කියන්නේ මෙරට සිනමාවේ නමක් ලියූ ප්‍රවින රංගන ශිල්පිනියක්. කලාව තම නම රැදවු ඇය පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වුයේ ඇය ප්‍රකාශ කළ කියමනක් සමඟ.ඒ “මම ජීවිත කාලෙම හිටියේ තනිකඩව. ඒ නිසා දුවව විවාහ කරලා දුන්නට පස්සේ මමත් විවාහ වෙනවා” යනුවෙන්. මේ ප්‍රකාශය සමඟ ඇය ගැන බොහෝ දෙනා විවිධ මත පල කරන්න පටන් ගත්තා මෙන්ම විවිධ වාවේචන පවා එල්ල කළා.

වේල්ස් කුමරි පාසලෙන් උපත ලබන ඇය 1965 ජනවාරි මස මෙළොව එළිය දකිනවා. ප්‍රතිභාපුර්ණ කලා රංගන කෞශල්‍යයකට උරුමකම් කියන ඇය එදා මෙදා තුළ සිනමාවේ සුන්දර රූ සපුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් බව කිව යුතුමයි. ඇගේ නම කියු සැනින් ඇයව නොදන්න කෙනෙක් නැති තරමට ඇය කලාව තුළ ඇගේ නම ප්‍රේක්ෂක හදවත් තුළ ලියා අවසන්. ඇගේ රංගන කුසලතාවය නිසාම ඇය සිනමාව තුළ මෙන්ම ටෙලිකතා ගනනාවකට සිය දායකත්වය ලබා දි තිබෙනවා.

ඒ නිර්මාණ අතරින් හිරිකුල, හැන්දෑව, වගේ නිර්මාණ රැසක් ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ගෞරවයට පත් වුන නිර්මාණ වෙනවා. නිල්මිණි නම් රංගන ශිල්පිනිය විවාහ වෙලා හිටියේ මේ රටේ නම ගිය සංගීත ශිල්පි මධුමාධව අරවින්ද සමඟ. ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් පසු ආදරණිය දියණියකගේ දෙමාපියන් විමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

ඒත් දියණියට අවුරුදු දෙකකට ආසන්න වෙද්දි ඔවුන් අතර විවිධ මතිමතාන්දර ඇති වි විවාහ ජිවිතය කැඩිලා බිදිලා යනවා. ඇය දිරිය මවක් ලෙස තමන්ගේ දියණිය බලාගෙන රංගන කටයුතු සිදු කරමින් සිය ජිවිතය ගෙන යනවා. ඇය සැබවින්ම අදටත් සුන්දර කාන්තාවක්. ඇය වරක් පවසා සිටියේ “මගේ දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා මේ රටින් පිට වෙන්න අපි බලාපොරොත්තුවෙන්”ඉන්න බවයි.

ස්වාමියෙක් නැති වුවත් ඇය තම දියණියට කිසිදු අඩුවක් නොකර ඇගේ සියලු කටයුතු වලට සහයෝගය ලබා දෙන දිරිය මවකි. සමාජය මතින් පැමිණෙන සියළු අපවාද ඉවසමින් තමන්ගේ පාඩුවේ ගමන යන ඇය විටෙක ප්‍රකාශ කර තිබුනේ “තමන්ට ජිවිතයේ ඉදිරියට කාගේ හෝ අත්වැලක් අවශ්‍ය බවයි.” ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන නිල්මිනිගේ අපූරු පින්තූර එකතුවක් තමයි මේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *