‘දුක් විඳලා හම්බ කරන්න ඕන නෑ මට දැන් එයා වියදම් කරනවා’ මේධා කියන කතාව

මේධා ජයරත්න කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් මෙන්ම දක්ෂ නර්ථන ශිල්පිනියක් කියන්න කවුරුත් දන්නවා. ඉතින් ඒ නිසාම අපි හිතුවා මේධා ගැන කතා කරන්න. මේධාගේ ජිවිතේ වෙනසක් වුනා පහුගිය කාලයේ. දැන් මේධා කියන්නේ තනිකඩ කෙනෙක්. ඉතින් වුන සිදුවිම ගැන දුකක් නැද්ද? “දුකක් නෑ කිවොත් බොරු. ඇත්තටම දුකක් තියෙනවා.

හැබැයි වුන දේවල් ගැන හිත හිත විදවන්න ඕනි නෑ මට. මම වැරදුන තැනින් නැගිටපු කෙනෙක්. පවුල් ජිවිතේ නැති වුනා කියලා නෑ මම අනිවාර්යයෙන් තනියමි ජිවිතේ නැගිට්ටා. මම හොදින් ජිවත් වෙනවා. මම ජිවිතේ කවදාවත් තනියම හිටපු කෙනෙක් නෙවෙයි. ඒ නිසා දුක කියන දේ දැනෙනවා. අදටත් මම ඉන්නේ අම්මා නංගි එක්ක.”

දරුවෝ දෙන්නා අහිමි විම කොහොමද දරාගත්තේ. “මම මගේ දරුවෝ දෙන්නා ඉල්ලුවා. හැබැයි දිගින් දිගටම නඩු කියලා මට මගේ දරුවෝ අපහසුතාවයට පත් කරන්න ඕනි වුනේ නෑ. ඒ නිසා මම දුරින් ඉදන් යුතුකම් ඉටු කරන්න පටන් ගත්තා. හැබැයි මට මගේ දරුවෝ එක්ක ඡායාරූපයක්වත් ගන්න බෑ. මම ගොඩක් දේවල් ගැන හිතන්නේ නැතුවත් මගේ දරුවෝ ගැන හිතනවා. සමහරු මට චෝදනා කරද්දි මට ජිවිතේ ගැන කලකිරිලා තියෙනවා. හැබැයි මම දරුවෝ නිසාම මගේ හිත රිදුනත් හිත රිදුනේ නෑ වගේ ඉන්නවා.”

ඔබ නැවතත් පෙම්වන්තියක් නේද? “ඔව් අපේ සම්බන්ධයට දැන් අවුරුදු 04ක් වෙනවා. හැබැයි එයා කලාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ව්‍යාපාරිකයෙක්. මම මහන්සියෙන් හම්බකරන දේවල් මට වියදම් කරන්න ඕනි නෑ එයා මට වියදම් කරන නිසා. හැබැයි මම රංගනයෙන් ඉවත් වෙන්නේ නෑ. මම ඔහුත් එක්ක හොදින් ජිවත් වෙනවා. විවාහයක් ගන්න වාතාවරණයක් තිබුනොත් අනිවාර්යයෙන් විවාහ උත්සවයක් ගන්නවා. මම කවදාවත් කියන්නේ නෑ මම විවාහය ගැන හිතන්නේ නෑ කියලා. අවස්ථාවක් ලැබුනොත් මම ඒ අවස්ථාව මඟ හරින්නේ නෑ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *