කළා ලෝකයේ වගේම ප්‍රේක්ෂක ආදරෙත් නොඅඩුව දිනාගෙන ගොඩක් සුන්දර වගේම හුරුබුහුටි රංගන ශිල්පිනියක් තමයි නෙහාරා පීරිස් කියන්නේ. ඉතින් කාලයක් ලංකාවේ තරුණයන්ගේ සිහින කුමරිය වුන ඇය මේ වනවිට ආදරනීය දියණියකගේ මවක්, ඒ වගේම මේ පුංචි දියණියට දැන් වයස අවුරුද්දකට වැඩියි. ඉතින් අපි හිතුවා නෙහාරගෙන් මේ වගේ ප්‍රශනයක් අහන්න. නෙහාරා මේ වෙනකන් පුංචි මෙයිලිගේ වැඩ කටයුතු කරන්නේ කවුද? ”බබාව බලාගන්න මට උදවු කරන්න ඉන්නේ ශ්‍යාමලී, ඒ වගේම බබා අම්මිටයි, තාත්තිටයි ගොඩක් එකතුයි. මම වැඩ වලට ගියාම ඒ අය ඉන්නවා. ඒත් හැමදාම බබාව නාවන්නෙ මම. දවසට එක වේලක් හරි මම බබාට කෑම කවනවා” කියලයි,
නෙහාරා අම්මා කෙනෙක් උනාට පස්සෙත් ඉස්සර වගේ සැහැල්ලුවෙන් ඉන්නවා නේද? ”ඇත්තම කියනවනම් ඒක එහෙම නෙවෙයි. ඉස්සර තිබුණ සැහැල්ලුව දැන් නැහැ. මොන දේ කලත් මතක් වෙන්නේ මගේ පුංචි බබාව. අනාගතයේ එයාගේ අධ්‍යාපන කටයුතු ගැන හිතද්දි හිතට බරක් දැනෙනවා. ඒක ලොකු වගකීමක්. මගේ උදව්වට මගේ අම්මයි තාත්තයි මේනකගේ පවුලේ අයයි ඉන්නවා. ඒත් මමත් අම්මා කෙනෙක් විදියට ඒක මට ගොඩක් දැනෙනවා.”
ඉතින් නෙහාරා ඇයගේ මෙයිලි පුංචි දෝනිට දිය රෙද්දක් අන්දලා ගොඩක් සුන්දර පින්තූර සමාජ ජාලාවලට එකතු කරලා. නෙහාරයි මෙනකයි වගේම පුංචි දෝනිත් ගොඩක් හැඩකාරයි ඉතින් ඉතින් මේ චායාරූප වලට. ගොඩක් ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඉතින් නෙහාර මේනක පුංචි කැදැල්ලේ පුංචිම පුංචි රෝස මල තමයි මේ.