සචිනි අයේන්ද්රා කියන්නේ කවුරුත් දන්න දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්. ඇගේ රුව කලාවට නම් ආධුනික නැත. පසුගිය දිනෙක ඇය ඇගේ දියණියගේ උපන් දින සැමරුම සමග සමාජ ජාලා වෙත යොමු කළ ඡායාරූප නිසා බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. ඉතින් මේ සූදානම ඇය ගැන කතා කරන්න. සචිනි කියන්නේ රංගනයටසම්බන්ධ වගේම නිරූපණයට ද සම්බන්ධ කෙනෙක්. සචිනි කියන්නේ යම් තැනකට යන්න ලෑස්ති වෙන්න ගොඩක් වෙලා ගන්න කෙනෙක් නේද, ඇත්තටම ඉස්සර නම් එහෙම නැහැ. දැන් ඉතින් ලෝකෙ දියුණු වෙලානෙ. අනික තැනකට යද්දී පොඩ්ඩක් පිලිවෙලට යන්නත් ඕනිනේ. ඒ නිසා තමයි මට යම් වැඩකට ලෑස්ති වෙන්න ටිකක් වෙලා යන්නේ.
ඔබ මේ න ක්ෂේත්රය ඇතුලේ සතුටින් ජීවත් වන කෙනෙක්ද, ඇත්තටම ඔව් මම ගොඩක් සතුටින් ඉන්න කෙනෙක්. මොකද මම දැන් මේ ක්ෂේත්රය ඇතුළෙ මගේ නමක් හදාගෙන ඉවරයි. අනික අපි කරන වැඩේ හොඳට කළොත් මේ ක්ෂේත්රය තුළ හොඳ ගමනක් යන්න පුළුවන්. අපි මහන්සි වෙලා වැඩ කලොත් මේ ක්ෂේත්රය ඇතුලේ සල්ලි හොයන්න පුලුවන් අපිට.
ඒ කියන්නේ මේ ක්ෂේත්රය ඇතුලේ සල්ලි හොයන්න අමාරු නෑ නේද, ඒක මෙහෙමයි. අපි හරියට මේ ක්ෂේත්රය ඇතුලේ ඉන්නවනම් ඇත්තටම අපිට හොද ගමනක් යන්න පුළුවන්. මම දකින විදිහ ඒකයි.මම වුනත් මුදල් හම්බකරන්නේ එහෙමයි.
ඔබට ඔබගේ දුව ගැන මොකද හිතෙන්නේ ‘ඇත්තටම එයා ගොඩක් දක්ෂ ළමයෙක් මට ආඩම්බර වෙන්න පුළුවන් අම්මා කෙනෙක් විදියට ඒ වගේ දුවක් හැදුව එකට. එයා Rubik’s Cube විසඳන්න ගොඩක්ම දක්ෂයි.’ කියලා, ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන ජනප්රිය නිලි සචිනි අයේන්ද්රාගේ සුන්දර දියණිය තමයි මේ.