හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්රියසාද් කියන්නේ. 1990 මාර්තු මස 18 වන දින උපන් දිනක්ෂිට මේ වනවිට වයස අවුරුදු 32ක් වනවා, ඒ වගේම දැන් දිනක්ෂි කියන්නේ මවක්. දිනක්ෂි විවාහ වෙන්නේ හැමෝම හොඳින් හඳුනන අතිශය ජනප්රිය රංගන ශිල්පියෙක් වන සාරංග සමග. කොහොම වුනත් සාරංග සහ දිනක්ෂි කියන්නේ මේ වනවිට පුවත් මවන චරිත දෙකක්.
දැන් සාරංග සහ දිනක්ෂි කියන්නේ වගකීම් වැඩි යුවලක් ඉතින් සාරංග සහ දිනක්ෂි ඔවුන්ගේ පුංචි දෝනි වෙනුවෙන් නිවසකුත් හදන්න මුල්ගල් තියලා වැඩ පටන් අරන් තිබ්බා, දිනක්ෂි ස්ප්රයිස් විදියට තමයි සාරංග නිවස හදන තැනට දිනක්ෂිව එක්කගෙන ගිහින් තිබ්බේ. ඒ වගේම මේ අලුතෙන් හදන ගෙදර කැලෑවක් වගේ හදනවා කියලයි
කොහොම වුනත් දිනක්ෂි පසුගිය දිනක හිරු ‘කොපිCHAT’ වැඩසටහන ඇඳන් ආව ඇඳුමක් නිසා හැමෝම අතර කතාබහට ලක්වුනා එයට හේතුව තමයි ඇය ඇඳන් ආව ඇඳුම, දිනක්ෂි ඇඳන් ඇවිත් තිබ්බ ඇඳුම් ඔක්කොම ශානුද්රිගේ ඇඳුම්. දිනක්ෂි දාගෙන ඇවිත් තිබ්බ අත් ඔරලෝසුව සහ කරාබු දෙකත් ශනුද්රිගේ. සාරංග කිවුවේත් ඒ ඇඳුම් කාගේද කියලා සාරන්ගවත් දන්නේ නෑ කියලා. ඉතින් දිනක්ෂිගේ මේ ඇඳුම් කතාව අහපු හැමෝටම හොඳටම හිනා ගියා.