Tue. May 17th, 2022

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරය තුළ දක්ෂ සුන්දර නිහතමානී රංගන ශිල්පිනියක්.ඇය කාලයක් පුංචි තිරය තුල දැකිය නොහැකි වුව ද ස්වර්ණවාහිනී නාලිකාවේ පාරදිගේ ටෙලි නාට්‍යය හරහා නැවත ඇයව දැක ගැනීමට හැකි වුණා. ඉතින් අපි හිතුවා ඇය ගැන කතා කරන්න.වොල්ගා කියන්නේ ඒකාකාරී චරිතයකට කොටු වුණ නිළියක් නෙවෙයි. ඉතින් විවිධ වු චරිත ඔබට ලැබෙන්නේ වාසනාව නිසාද දක්ෂතාවය නිසා ද, ඇත්තටම මම හිතන්නේ ඒක මගේ වාසනාව කියලා. මොකද රංගන ශිල්පිනියකට දක්ෂතාවය වගේම වාසනාව කියන දේ බලපානවා. මම එක චරිතයකට කොටු වුණ කෙනෙක් නෙවෙයි කියලා ප්‍රවීනයන් පවා මට කියලා තියෙනවා යම් අවස්ථාවලදී. කොහොම උනත් මම චරිත රඟපාන්නේ තෝරා බේරා ගෙන. මම දෙවියන්, බුදුන් ,ජේසුස් වහන්සේ විශ්වාස කරන කෙනෙක් .ඉතින් ඒකාංගික චරිත වලින් මිදිලා විවිධ වු චරිත වලින් ප්‍රේක්ෂකයින් හමුවට එන්න ලැබීම මගේ පිනක් කියලා මම විශ්වාස කරනවා.

ජීවිතයේ ගත්ත සමහර තීරණ ගැන ඔබ පසුතැවෙනවාද,මම මගේ ජීවිතය ගැන තෘප්තිමත් වෙන කෙනෙක් .මට අවශ්‍ය සහ මට ගැළපෙන දේවල් තමා මගේ ජීවිතේ මට හමුවුනේ.මගේ ජීවිතයේ දුක් වෙන්න හේතු නැහැ .අනික මම ගත්ත කිසිම තීරණයක් ගැන පසුතැවෙන විදිහට මම තීරණ අරගෙන නැහැ.ඒ නිසාම මම ගත්ත තීරණ ගැන මට කවදාවත් පසුතැවීමක් ඉතුරු වෙලා නැහැ .මගේ ජීවිතයට අවශ්‍ය දේවල් මට කොහොමහරි ලැබෙනවා. නොගැළපෙන දේවල් මගේ ජීවිතයෙන් ඈත් වෙනවා.ඉතින් ඒ නිසාම මගේ ජීවිතය තුළ මම ගත්ත තීරණ ගැන මම කවදාවත් ආපහු හිතන්නේ නැහැ .හරිම තැනදි හරිම තීරණ තමයි මම ගත්තෙ.

ඔබයි හර්ෂණයි විවාහ වෙලා දික්කසාද වුණා වුනා යුවලක්.නැවත ඔබ දෙදෙනාට එකට රඟපාන්න අවස්ථාවක් ලැබුනොත්,කිසියම් වැඩකට අපිට ආරාධනා කරද්දී අපි එයට සම්බන්ධ රංගන ශිල්පීන් ශිල්පිනියන් ගැන හොයලා බලනවා .හර්ෂණ කියන්නේ දැන් මගේ සැමියා නෙවෙයි.එයාව මග තොටක හමුවුනත් මට කතා කරන්න පුළුවන්..මගේ හිතේ වෛරයක් නැහැ.මම එයාව අත්හැරියේ වෛරයක් හිතේ තියාගෙන නෙවෙයි.සමහර සමහරුන්ව ජීවිතයෙන් ඈත් කරන්නේ වෛරයක් හිතේ තියාගෙන අත්හරින්න බැරිකමට.හැබැයි මම සදහටම එයාව ත්හැරපු කෙනෙක්.ඒ නිසා මට එයත් එක්ක ආයේ රඟපාන්න වුණත් ප්‍රශ්නයක් නැහැ.

වොල්ගා නිරන්තරයෙන් සමාජ ජාලා තුළ දකින්න ලැබෙද්දි මේ දින වල ඇය අපූරු කොණ්ඩා විලාසිතාවන් නිසාද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබෙනවා. එම සුන්දර විලාසිතාව ඇගේ සුන්දරත්වය තවත් වැඩි කර ඇති බවට සැකයක් නැහැ. ඉතින් ඒ ගැන ඇය කියන්නේ මේ වගේ කතාවක් ”මට හිතුනා කොන්ඩේ පොඩ්ඩක් කොටකරලා බලන්න, ෂොට් හෙයා කියන්නෙත් ෆැෂන් එකක් නේ, අනික අපි වෙනස්වෙන්න බය වෙන්න හොඳ නෑ, අපිට වෙනස් වෙන්න වෙනස් තීරණ ගන්න පුළුවන් වෙන්න ඕන,”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *