‘දික්කසාද ගැහැනියක් වුනත් කාටවත් දෙකට නැවෙන්න හොඳ නෑ’ දඟකාර නිලි පියුමි කියනකතාව

පියුමි බොතේජු කියන්නේ රංගන ලෝකයේ දක්ෂ මෙන්ම ජනප්‍රිය චරිතයක්. විවිධ වු මුහුණු වලින් ප්‍රේක්ෂකයන් අතරට එන ඇය හා කතා කරන්න අපි හිතුවා. පියුමි සිය ජිවිතේ ආදරය ගැන අප හා පැවසුවේ මෙවැන අදහසක් “මමත් ආදරේ විදලා තියෙනවා. වෙන අය වගේම මගේ අම්මා තාත්තා ආදරය මට ලැබිලා තියෙනවා. මගේම කියන අය මට හරි ආදරෙයි. එතනින් ගියහම මට අමතන නොවෙන ආදරයක් තියෙනවනම් ඒ ආදරණිය ප්‍රක්ෂේකයන්ගෙන්. මම හිතන්නේ මට ඊට වඩා වටින ආදරයක් නෑ.”

කාන්තාවගේ ජිවිතේ විවාහය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්ද? “අපොයි නෑ. කසාදය කියන්නේ ගැහැණියකට අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. මම දකින්නේ කසාද බැදලා සතුටින් ඉන්න අයට වඩා කසාදය නිසා මානසිකව විදවන අය. ඒඅයට ඇත්තටම කසාදය කියන්නේ ලොකු පීඩනයක්. දික්කසාද වෙන්න බැරි කසාද අස්සේ හැංගුන කතා වුනත් තියෙනවා.

සමහර විට දරුවෝ නිසා තේරුමක් නැති බැදිමක් ලග රැදිලා ඉන්නවා වෙන්න පුළුවන්. අපි කවුරුත් විවාහ වෙන්නේ දික්කසාද වෙන්න බලාගෙන නෙවෙයි. හැබැයි මම කියන්නේ අපිට ගැළපෙන්නේ නැති බැදිම් වලින්අපි අනිවාර්යයෙන් ගැලවෙන්නම ඕනි. ඒ වගේ බැදිමක් රැකගෙන ජිවිතේ ඉස්සරහට යන එක තේරුමක් නෑ. එහෙම බලද්දි මම හිතන්නේ කාන්තාවකට කසාදය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි.”

ඔබ මේ තරම් සුදු වුනේ ඉන්ජෙක්ෂන් ගහලද? ”මම කවදාවත් ඉන්ජෙක්ෂන් ගහලා නෑ. කටකතා නම් මොනවද. මම කියනවා එහෙම කෙනෙක් කියනවනම් ඒක ඔප්පු කරලා පෙන්වන්න කියලා. මගේ තියෙන්වේ කෘතිම පැහැයක් නෙවෙයි .මම පොඩි කාලේ ඉදන් කොහොමත් සුදු කෙනෙක්. පාසල් කාලේ ටිකක් පැහැය වෙනස් වුනා. හැබැයි ආයේ මම මගේ පැහැය තියාගන්න උනන්දු වෙනවා. එහෙම නැතුව මම කොයිම වෙලාවකවත් කෘතිම දේවල් වලින් ලස්සන වෙන කෙනෙක් නෙවෙයි “

කාන්තාවක් විදිහට තවත් කාන්තාවකට දෙන්න තියෙන පණිවිඩය, “මම හිතන්නේ කාන්තාව කියන්නේ ගොඩක් ශක්තිමත් කෙනෙක්. හරියට මේ මහ පොළොව වගේ. කාන්තාවකට හිතුවොත් ⁣කරන්න බැරි දෙයක් නෑ. මම කියන්නේ දික්කසාද ගැහැණියක් වුනත් කවදාවත් කාගේවත් ලග දෙකට නැවෙන්න ඕනි නෑ.

මේ සමාජයේ ගොඩක් ⁣කාන්තා⁣වන්ට කතා මවන්නේ තවත් කාන්තාවක්මයි. මම හිතන්නේ එහෙම කරන්නේ ප්‍රතිරූපයක් පවා නැති කෙනෙක්. මම පෞද්ගලිකව කියනවා කාන්තාවක් තමන්ගේ ජිවිතේ හැංගුන කාන්තාව එළියට ගන්න ඕන. තමන්ගේ හැකියාව තමන්ම අදුර ගන්න ඕනි කියලා. මොකද එතකොට කාටවත් ඕනි විදිහට ගැහැනිය කියන කෙනා ජිවත් වෙන්න ඕනි නෑ.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *