‘දැන් සැමියා කියන දෙයක් අහන් ගෙදරට වෙලා ඉන්නවා’ කෝටිපතියෙක් සමග විවාහ වුන නයන්තාරා කියන කතාව

තෝඩු ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය සෙව්වන්දි නයන්තාරා. ඇගේ පළමු නිර්මාණයෙන් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගන්න ඇයට හැකි වෙනවා. ඉතින් මේ කතාබහ ඇය සමඟයි. ඔබට ජිවිතය කියන දේ දැනෙන්නේ කොහොමද ? “අද වෙද්දි මගේ ජිවිතය ඇතුලේ ලොකු පෙරලියක් වෙලා තියෙනවා. එදා දවසට වඩා අද දවසේ මට ආදරය කරන අය වැඩියි. ඇත්තටම අද මට දවස ගෙවෙනවා දැනේනේ නෑ.

මොකද මම ඒ තරම් කාර්යබහුල වෙලා නිසා. ඉතින් ඉස්සරහට තවත් මගේ ජිවිතයට අරමුණක් දිමයි මගේ බලාපොරොත්තුව. අද මගේ පවුලේ හැමෝම මගේ දිහා බලලා සතු⁣ටු වෙනවා. ඒ සතුට මට දෙන්න පුළුවන් එක ගැන මට තියෙන්නේ වචනයෙන් කියන්න බැරි හැගිමක්. එයාලා මම රඟපාන ටෙලිනාට්‍ය පවා බලන්නේ හරිම ආසාවෙන්.”

ආදරය ගැන කතා කලොත්, “ආදරය කියන්නේ දැනෙන දෙයක්. කෙනෙක් අපිට දැනුනොත් අපි ඒ කෙනාව අපේ ජිවිතේට එකතු කරගන්නවා. ඒක එක එක කෙනාට වෙනස්. අපි නොහිත විදිහට ආදරය ලැබෙනවා අහිමි වෙනවා. මම වුනත් බූට් කාලා හොදට අඩලා තියෙනවා. හැබැයි අපි හිතන්නේ නැති තැන්වලදි සමහරු අපිට මුණ ගැහෙනවා. මමත් ආදරේ කරනවා. එයා මැණික් ව්‍යාපාරිකයෙක්. අපි අද ගොඩක් සතුටින් ආදරෙන් ජිවත් වෙනවා. මොකද අපි දෙන්නා අපිව තේරුම් අරගෙන ඉන්න නිසා.”

තෝඩු නාට්‍යයේ දිනිති සහ සෙව්වන්දි කියන්නේ එක වගේ චරිතයක්ද,? “දිනිති කියන්නේ ගොඩක් ඉවසිම තියෙන ගැහැණු ළමයෙක්. හැබැයි මට එහෙම නෑ. අනික එයා බොහොම සාමකාමි කෙනෙක්. දිනිති කියන්නේ මගේ ජිවිතේ හදාගන්න පාර කියන කෙනෙක් වගේ. මොකද ඒ චරිතය ඇතුගේ මට ගන්න දේවල් ගොඩයි. දිනිතිගේ ජිවිත කතාව ඇතුලේ ඇත්තටම වැරැද්දක් කියන්න නැති තරම්.”

කොහොම වුනත් නන්තාරා දැන් වැඩිය පෙන්න නෑ ඇයි ඒ ”මම දැන් විවාහකයිනේ ඉතින් සැමියා කියන දේ අහන්නත් ඕන. ඉස්සර තාත්තා කැමති නෑ රඟපානවට දැන් සැමියා, හැබැයි එයා මට එපා කියලා නැ, එයා කියන්නේ හොඳ නිර්මාණයක් ලැබුනොත් බාරගන්න කියලා. ඉතින් එහෙම එකක් ලැබෙනකන් බලන් ඉන්නවා, කොහොමත් මමත් කැමති විවාහ ජීවිතේට මුල් තැන දීලා වැඩ කරන්නන”

Leave a comment

Your email address will not be published. Required fields are marked *