Tue. May 17th, 2022

අපේ කළා ලෝකයට අලුතෙන් එකතුවුන ගොඩක් සුන්දර රංගන ශිල්පිනියක් තමයි පූජනී භාග්‍යා කියන්නේ, පූජනී කියන්නේ කොල්ලෙක් වගේ දුවලා පැනලා ඉන්න දඟකාර රංගන ශිල්පිනියක්. ඉතින් ඇයගේ දඟකාරකම නිසාම හැමෝම ඇයට ගොඩක් ආදරෙයි ඉතින් අපි අද කතා කරන්නේ පූජනී එක්ක. පූජනී කොහොමද මේ දවස්වල බිසීද ”එහෙමටම බිසී නෑ, දැන් විකාශනය වන රේස් නාට්‍යයේ වගේම තව එක ටෙලිනාට්‍යයක රුගතකිරීම් වලට සම්බන්ද වෙලා ඉන්නවා. වැඩ ගොඩක් බදාගෙන කරන්න මම කැමති නෑ. මම ගොඩක් කැමති ෂෝට් ටෙලිනාට්‍යවලට.”

පූජනී ඇයි මේ දවස්වල ගයාන් එක්කම ඉන්නේ ”අපි දෙන්නාට ගොඩක් වෙලාවට එකටම තමයි වැඩ ලැබෙන්නේ. අපි කපල් එක වගේ ඉන්න නිසා වෙන්න ඇති එහෙම ආරාධනා ලැබෙන්නේ. අපි දෙන්නා අතර ආදර සම්බන්දයක් නෑ. එයා මගේ හොඳ යාලුවෙක් විතරයි. ඇත්තම කියනවනම් මට ප්‍රශ්නයක් ආවම කතා කරන්න උපදෙස් ගන්න ඉන්නේ ගයාන් එතනින් එහාට අපි දෙන්නගේ සම්බන්දයක් නෑ. ලඟින් හිටියට අපි පෙම්වතුන් නෙවෙයි යාළුවො විතරයි.”

පූජනී ප්‍රේමයේදී බලාපොරොත්තු වෙන්නේ මොනවද, අනාගතේදී ගයන් පූජනී පෙම්වතුන් වෙයිද ? ” මම ප්‍රේමය ඇතුලේ වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ නිසහස සහ මානසික සැහැල්ලුව. ප්‍රශ්නයක් තියෙන වෙලාවට අපේ හිත නිවන්න පුලුවන්නම් ඒක ලොකු සැනසීමක් ජීවිතයට සැනසීමක් දෙන්න පුළුවන් තැන තමයි ආදරයක් තියෙන්නේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *