‘දැන් මම හේනක් කරගෙන පාඩුවේ ඉන්නවා’ ජනප්‍රිය ගායක එම්.ජී ධනුෂ්ක කියන කතාව

හිස් ටින් එකක් වගේ සිංදුව මතකයට එන විටම අපිට මතක් වෙන කටහඩක් තියෙනවා. ඒ කටහඩට එක්කම මතක් වෙන රුවක් තියෙනවා. ඩ්‍රිම් ස්ටා⁣ර් කිරුළ අරන් ජනප්‍රිය වුන ඔහු නමින් එම්.ජී.ධනුෂ්ක. ඉතින් අද අපි හිතුවා ඔහු ගැන කතා කරන්න. එයට හේතුව කාලයක් ඔහුව නිරන්තරයෙන් කතා බහට ලක් වුවත් මෑත කාලයේ එසේ කතා බහට ලක් නොවිමයි. කොරෝනා කාලය තුළ ප්‍රසංග නැනි නිසාම ඔහුනැවත ගමට ගියා කියලයි ආරංචි වුනේ. ඉතින් ඒ ගැන ඔහු කිවේ මෙහෙම “මගේ ගම ඇඹිලිපිටියේ. කාලයක් කොළඹ ජිවත් වුනත් ආයේ මම ගමට ආවා. දැන් ප්‍රසංග නැති නිසා ගමට වෙලා වගා ක⁣ටයුතු තමා කරන්නේ. කෙසෙල් වගා කරනවා ඒ අතරේ වත්තේ පොල් ටිකකුත් දැම්මා. මොකද මේ කාලේ අපිට වගා කටයුතු තමා කරන්න වෙන්නේ.”

එම්.ජී ධනුෂ්ක නමක් රදවා ගත් ගායකයෙක්. ඉතින් ඔබ ගායනයට සම්බන්ධ වෙන්නේ කොහොමද ? “මම හැම වැඩක්ම ආසාවෙන් කරන්නේ සිංදුවක් කියන ගමන්. ඒ වගේම මම හැම රියලිටි තරඟයකටම ඉදිරිපත් වුන කෙනෙක්. මට සංගීත ගුරුවරයෙක් නෑ. විෂයක් විදිහට මම සංගීතය ඉගෙන ගෙන නෑ. මම ලොකු කට්ටක් කෑවා මෙතනට එන්න. බස්වල නිදාගත්තු වාර අනන්තයි. හැබැයි මම මාව විස්වාස කළා. ඒ විස්වාසය නිසාම වෙන්න ඇති මට ඩ්‍රිම් ස්ටාර් කිරුළ ජයග්‍රාහණය කරන්න පුළුවන් වෙන්නේ.”

ඩ්‍රිම් ස්ටාර් විමත් සමඟ ධනුෂ්කට මුහුණ දිමට සිදු වු ප්‍රශ්න ගැන කෙටියෙන් ඔහු පැවසුවේ මේ වගේ අදහසක්,? ”මම ඩ්‍රිම් ස්ටාර් වුනත් එක්ක මට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වුනා. ඩුප්ලිකේට් ධනුෂ්කලා පවා බිහි වුනා. මට ඒ කාලේ ගොඩක් අය පණ දෙන්න වගේ ලගින් හිටියේ හැබැයි ඒ දේවල් නිසාම තමා මට වැරදුනෙත්. මම හිතනේනේ මම ලගම හිටපු අය නිසාත් මට වැරදුනා. ඒ හැමදේම එක්ක තමා මම ආපහු ගමට ඇවිල්ලා ජිවත් වෙන්න තිරණය කලේ. මොකද මම ලේසියෙන් මේ තැනට ආව කෙනෙක් නෙවෙයි ඒ නිසා”

ජිවිතේ ඉගෙන ගත්තේ කොයි කාලේද? ”මම ජිවිතේ ගැන ඉගෙන ගත්තේ පන්සලේ ඇඹිත්තියෙක් වෙලා ඉන්න කාලේ. මම සාමාන්‍ය පෙළ උසස් පෙළ ඉහළින් සමත් වුනා. මගේ ජිවිතේ මම දුප්පත් කමින් පටන් ගත්ත කෙනෙක්. මගේ තාත්තා මේසන වැඩ කරන්නේ. ඉතින් පාසල් යන කාලේ මම තාත්තාට උදව් කරනවා. නිවාඩු කාලේ මම කොළඹට ඇවිත් අත්වැඩ දෙනවා. අද⁣ට වුනත් මට යකඩ කන්න තරම් හයියක් තියෙනවා. මොකද ජිවිතේ මම බිංදුවෙන පටන් ගත්ත නිසා.”

ජිවිතේ ගැන කලකිරිමක් ඉතුරු වෙලා තියෙනවා වගේ ධනුෂ්කට “නෑ එහෙම දෙයක් නෑ. මගේ ලගම හිටපු අය නිසා මම ජිවිතේ වැටුනා. ඒ නිසා ම⁣ට එපා වෙලා ඉන්නේ. මට තියෙද්දි හැමෝම ලගින් හිටියා. නැති කාලේ කිසිම කෙනෙක් නෑ. මගේ ලගම අය මාව රැවට්ටුවා. අවසානේ මට ඉතුරු වුනේ බිරිඳයි මගේ දරුවොයි. මම හොදට තෙම්පරාදු වුන කෙනෙක්. ඉතින් ජිවිතේ මම පරණ ධනුෂ්ක වෙලා දැන් මගේ වැඩ කරගෙන යනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *