Tue. May 17th, 2022

සහේලි ගමගේ මේ නම ඔබට හුරු නැතුව ඇති නමුත් ඇය ගායනා කල ‘ආයුබෝවේවා මහ රජාණනි ගීතය’ ඔබට මතක ඇති. ඇය මෙම ගීතය ගායනා කරලා වසර ගණනාවක් ගතවුනත් තවමත් මෙම ගීතය ලංකාවේ අපි අතර ගොඩක් ජනප්‍රියයි. කොහොම වුනත් සහේලි මෑත කාලයේදී දකින්න ලැබුනේ නෑ, ගායනයෙන් එහා ගිය හීනය සැබෑ කරගෙන ඇය දැන් ඉන්නේ විදේශ රටකයි, ඉතින් අපි හිතුවා හැමෝම ආදරේ කරන සහේලි එක්ක ඇයගේ තොරතුරු ටිකක් කතා කරන්න,

සහේලි ඔබ ජනප්‍රිය වුනේ ‘මහ රජාණනි’ ගීතයෙන් නේද? ”ඔව් ගොඩක් අය හිතන්නේ මම ගායනා කලේ ඒ ගීතය විතරයි කියලා, 2008 වසරේදී තමයි මම මගේ පලවෙනි සීඩී එක එළිදැක්වුවේ, ‘මහරජාණෙනි’ ගීතය ගායනා කලේ මම ඊටපස්සේ, හැබැයි ගොඩක් අය දන්නේ මම ගයනා කලේ එක ගීතයක් කියලා විතරයි. ඇත්තටම කියනවනම් මම මේ වනවිට 70ක් විතර ගායනා කරලා තියෙනවා.”

ඔබ දැන් වෛද්‍යවරියක් නේද ”ඔව් මම දැන් ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ්වල ඩාලින් ඩවුන් රෝහලේ Geriatrics and Stroke යුනිට් එකේ Resident Medical Officer (RMO) ලෙස තමයි සේවය කරන්නේ. මගේ රැකියාවත් එක්ක ටිකක් කාර්යබහුලයි. කොච්චර කාර්යබහුල උනත් ලෙඩ්ඩු සනීප වෙනවා දැක්කම මට ගොඩක් සතුටුයි,”

සහේලි දැන් ඉන්නේ විදෙස් රටක ඉතින් ලංකාවේ පදිංචියට එන්න කැමති නැද්ද ”මෙහෙමයි ලංකාව කියන්නේ ආදරණීය රටක්. අපි ලංකාවට ආදරෙයි. මගේ සැමියා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ මම කාලයක් අම්මයි තාත්තයි මල්ලියි එක්ක කැනඩාවේ හිටියෙ. ඒත් අපි දෙන්නට රටවල් දෙකක ඉන්න බැරි නිසා මමත් ඔස්ට්‍රේලියාවට ආවා. දැන් මගේ රැකියාවේ කටයුතු නිසත් දිගටම ලංකාවේ ඉන්න එන්න බැරි වෙයි. නමුත් හැකි හැම අවස්ථාවකම විසිට් එකකට ලංකාවට ඇවිත් යන්න එනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *