‘දැන් මම කිසිදේකට බය නැති ගැහැනියක්’ හින්දි නිලියන් පරදන ෂෙහානි කියන කතාව

ශෙහානි කහදවල කියන්නේ මෑත කාලයේ ජනප්‍රිය වුන සුන්දර අහිංසක මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. ජිවිතේ බොහෝ කැපකිරිම් කරමින් ජිවිතේ ඉදිරියට යන ඇය ගැනයි අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ. ශෙහානි කියන්නේ කෙනෙකුට ඊර්ෂ්‍යා කරන කෙනෙක්ද? පොඩි කාලේනම ඇත්තටම මට ඉරිසියාව කියන දේ හොදටම දැනිලා තියෙනවා. මගේ අම්මා තාත්තා වෙන් වෙලා ජිවත් ⁣වෙන්නේ. ඉතින් කාලයක් අම්මා එක්ක කාලයත් තාත්තා එක්ක මම ජිවත් වුනේ. මට කවදාවත් ඒ දෙන්නම එක්ක ජිවත් වෙන්න ලැබිලා නෑ. ඉතින් මගේ පාසල් කාලේ යාළුවෝ අම්මා තාත්තා එක්ක ඉන්නවා දකින්න මම එයාලාට ඉරිසියා කලා. අඩලා පවා තියෙනවා. හැබැයි දැන්නම් ඒ දේවල් ගනන් ගන්නේ නෑ මම. දැන් මට හැ⁣මදේම වගේ තේරුම් ගන්න පුළුවන්. මම දැන් කිසිම දේකට කිසිම කෙනෙතුට ඉරිසියා කරන කෙනෙක් නෙවෙයි”

ජිවිතේ පසුතැවිම් ගැන හිතනවද? “⁣මම ඉස්සර අද කරන්න තියෙන වැඩේ කාලේකට පහු කරනවා. ඊට පස්සේ තමා ඒක කරන්නේ. ඒක ඒ කාලේනම් හොදයි කියලා දැනෙනවා. හැබැයි දැන්නම් ඒ කාලේ අපරාදේ කියලා පසුතැවිලා තියෙනවා. ඒ නිසා මම අද කරන්න තියෙන වැඩේ අදම කරන්න පුරුදු වෙලා තියෙනවා දැන්.”

ජිවිතේ කඩා වැටිම් ගැන කතා කලොත්, ” මම ජිවිතේ කඩා වැටුන තැන් ගොඩයි. මම පවුලේ එකම ළමයා. මම තනියම තමා හැදුනේ. මගේ අම්මා තාත්තාගේ ආදරය එකට නැතුව මම ජිවිතේ වැටුන තැන් තිබුනා. අඩපු තැනි තිබුනා. විදවපු තැන් තිබුනා. එහෙම වෙලත් ඇත්තටම මම අද ඉන්න තැන ගැන මම සතුටු වෙනවා. මම මගේ අම්මා එක්ක ගොඩක් සතුටින් ජිවත් වෙනවා දැන්.”

අභියෝග ගැනත් ශෙහානි කතා කලොත්, “ජිවිතේ මට සිද්ධ වුන ගොඩක් දේවල් අභියෝග තමයි. මොකද මම ජිවත් වුන විදිහ දන්නේ මම. ඒ නිසා. පුංචි කාලේ අභියෝග කියන දේට මම චුට්ටක් බය කෙනෙක්. මොකද මම සමාජය ගැන ගොඩක් හිතුවා. හැබැයි දැන්නම් මම කිසි දේකට බය කෙනෙක්. මම හරි කියලා හිතෙන හැම තැනකම මම මම වෙනුවෙන් හිට ගන්නවා. කාලයත් එක්ක තමා ඇත්තටම මම අභියෝග වලට එඩිතරව මුණ දෙන්න ගත්තේ. දැන් මට හැමදේම පුරුදුයි. දරාගන්න පුළුවන්.”

ආදරය ගැන කතා කලොත්, “ම⁣ම දැන් ප්‍රේමවන්තියත් නෙවෙයි. හැබැයි කාලයට ඉහත මම පෙම්වන්තියක් වෙලා හිටියා. මට කාලයත් එක්ක ඕනි වුනේ පෙම්වන්තියක් වෙනවට වඩා මගේ ජිවිතේඅභියෝග ජය අරගෙන ජිවිතේ ඉස්සරහට යන එක. මොකද මට මගේ අම්මාගේ ජිවිතේට සතුට දෙන්න ඕනි. එයාට මට පුළුවන් හැම සතුටම දෙන්නතමා මම හින දකින්නේ දැන්.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *