Tue. May 17th, 2022

මේ වනවිට පුංචි තිරයේ වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන ටෙලිනාට්‍යක් තමයි සිරස නාලිකාවේ විකාශනය වන ‘හිත ළඟ හිනැහුණා’ ටෙලිනාට්‍ය, ඉතින් මෙම නාලිකාවේ ඉන්න කටකාර දඟකාර හැඩකාර කෙල්ලට හැමෝම ආදරෙයි, හැමෝම වැඩිපුර කැමති ඇයගේ ලගන්නාසුළු කතා විලාසයට, ඉතින් අද අපේ කතාබහ ඇය සමග. ශෙනායා කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක් ”මගේ නම ශෙනායා ඇනීසා. පවුලේ ඉන්නේ මමයි තාත්තයි අක්කලා තුන්දෙනයි, අක්කලා තුන්දෙනාම දැන් විවාහවෙලා ඉන්නේ, තාම තනිකඩ මම විතරයි, ඒ හැරෙන්න මම ගැන කියන්න තරම් විශේෂ දෙයක් නෑ,”

ශෙනායා පුංචි කාලේ ඉඳන් හීන දැක්කේ කවුරු වෙන්නද ”ඇත්තම කියනවනම් පුංචි කාලේ ඉඳන් මට ඕන උනේ නිලියක් වෙන්න, ඇත්තටම මම රඟපාන්න ගොඩක් ආසයි, ඉස්සර ටී.වී. එකේ පුංචි ළමයි රඟපානවා නටනවා දැක්කම මමත් ඒ විදියට නටනවා රඟපානවා. ඒ වෙලාවට මට හිතෙනවා අනේ මටත් මේ වගේ රඟපාන්න තිබ්බනම් කියලා, ඉතින් ඒ හිතපු දේ සැබෑ උනා”

දැන් කිරුලිට ලැබෙන ප්‍රතිචාර කොහොමද ”ඒ ගැනනම් කියලා වැඩක් නෑ, ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා දැන්නම් පාරටබහින්න බෑ එතරම් ප්‍රතිචාර, පාරට ආවගමන් ලඟට දුවගෙන ඇවිත් අහනවා ආ ඔයා නේද කිරුලි කියලා කියාලා. එහෙම අහද්දී මාරම සතුටක් දැනෙන්නේ. මොකද මම දැකපු හීනේ තමයි මේ සැබෑවෙලා තියෙන්නේ.”

ශෙනායා ඔබ ගොඩක් සුන්දර යුවතියක් ඉතින් ඔයා මේ වනවිට ආදරවන්තියක් ද? ”මේ වෙද්දී මම ආදරවන්තියක් නෙවෙයි, හැබැයි මම ආදරවන්තියක් වෙලා හිටියා මමත් එයාට ආදරේ කළා හැබැයි අපිට ඒ ආදරේ නතරකරන්න උනා, ප්‍රශ්න තියාගෙන දෙන්නෙක්ට එකට ඉන්න බෑ අනිත් එක එයාගේ පාර වෙනයි අපි දෙන්නගේ අදහස් අහසට පොලව වගේ, ඉතින් අපි ගැලපුනේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *