Tue. May 17th, 2022

මේ වනවිට ලංකාවේ ජනප්‍රිය ටෙලිනාට්‍ය වෙලා තියෙන්නේ මහේෂ් රත්සර මද්දුමආරච්චි තිර රචනා කරන, ඒ වගේම ධනුෂ්ක රත්නායක අධ්‍යක්ෂණය කරන ‘හිත ළඟ හිනැහුණා’ ටෙලිනාට්‍ය. ඉතින් මේ නාට්‍යයේ ඉන්න හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න චරිතයක් තමයි විෂල් කියන්නේ, ඉතින් මේ චරිතට පන පොවන්නේ විදුරවි හංසජ විසින්. ඉතින් අද අපේ කතාබහ කඩවසම් නළු විදුරවි සමග.

කොහොමද විදුරවි, මේ දවස්වල මොකද වෙන්නේ? ”ගොඳයි, ගොඩක් හොඳින් පරිස්සමින් ඉන්නවා. ‘හිත ළඟ හිනැහුණා’ නාට්‍යයේ ෂූටින් කරගෙන යනවා, ඒ වගේම තව ටෙලිනාට්‍ය කිහිපයකට ආරාධනා කිහිපයක්ම ලැබුනා, මියුසික් වීඩියෝ කිහිපයකට ආරාධනා ලැබුනා. මම තවම ඒ පිලිබඳ හිතලනම් නෑ”

විදුරවිගේ පුංචි කාලයේ හීනය වුනේ මොකද්ද ”මගේ අම්මා භාරත නර්ථන ගුරුවරියක්, තාත්තා ශබ්ද පරිපාලකවරයෙක්, ඒ නිසා දෙන්නම කලාවට සම්බන්දයි, පොඩිකාලේ ඉඳලම මම ජීවත්වුණේ කලාවත් එක්ක ඉතින් මම පොඩිකාලේ ඉඳලම කලාවට සම්බන්ද වෙන්න ආසාවෙන් හිටියේ, කොහොම හරි මම මගේ හීනේ සැබෑ කරගත්තා ඒ පිලිබඳ ඇත්තටම සතුටුයි,”

ඔබ පෙම්වතෙක්ද ප්‍රථම ප්‍රේමය පිලිබඳ ඔබේ තියෙන මතකයන් මොනවද ? මගේ ප්‍රථම ප්‍රේම පටන්ගත්තේ ඉස්කෝලේ කාලෙදී, හැබැයි පාසල් කාලයේ අපිට මුණගැහෙන්න ලොකු අවස්තාවක් ලැබුනේ නෑ, ගෙවල් වලට බයේ හොරෙන් තමා ලවු කලේ, හැබැයි පන්ති යද්දී අපි මීට් වුනා, හැබැයි කාලයත් එක්ක එක නතර කරන්න වුනා, දැන් මම පෙම්වතෙක් නෙවෙයි. මම ආදරේ කරද්දී ගොඩක්ම ආදරේ කරනවා, කෙනෙක් මට දැනුණොත් ඒ කෙනාව ලබාගන්න මම උත්සාහ කරනවා. පොඩ්ඩක් දඟයි. කොහොම වුනත් දැනුන ප්‍රේමයත් නෑ දැන් ප්‍රථම ප්‍රේමයත් නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *