දැන් මගේ දැඟලිල්ල වැඩියි කියලා අම්මා කියනවා ඉක්මනට බඳින්න කියලා – ශලනි ප්‍රනාන්දු

දෙවෙනි ඉනිම කියන්නේ ලංකාවේ මේ වනවිට වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙන ටෙලිනාට්‍යක්, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි ප්‍රනාන්දු කියන්නේ, කොහොම වුනත් මේ වනවිට ශලනි දෙවෙනි ඉනිම නාට්‍යයෙන් ඉවත්වෙලා, ඒකට හේතුව වගේම ශලනිගේ ජීවිතයේ අලුත් තොරතුරු ගැන දැනගන්න අපි හිතුවා ශලනි එක්ක ටිකක් කතා කරන්න, ශලනි ඇත්තටම දෙවෙනි ඉනිමේ චූටි මැණිකේ කියන චරිතයට සමුදුන්නද..? ”ඔව් මම දෙවෙනි ඉනිම නාට්‍යයෙන් ඉවත් වුනා, මම වසර පහකට වැඩි කාලයක් දෙවෙනි ඉනිම නාට්‍ය එක්ක සම්බන්ද වෙලා හිටියා, මේ නාට්‍යයෙන් ඉවත් වෙනවා කියන එක මම එකපාර ගත්ත තීරණයක් නෙවෙයි,

මම සෑහෙන්න කාලයක් තිස්සේ හිතාගෙන හිටියේ මේ නාට්‍යයෙන් ඉවත් වෙන්න, මොකද වසර පහක් එකම චරිතයටකට කොටුවෙලා ඉන්නකොට මට දැනුනා දැන් වෙනසක් කරන්න කාලය ඇවිත් කියලා, දෙවෙනි ඉනිම කණ්ඩායම එක්ක අමනාප වෙලා නෙවෙයි මම ඉවත් වෙන්න තීරණය කලේ, එහෙම කියන්න ප්‍රධාන හේතුව තමයි ගොඩක් අය මගෙන් අහනවා මොකද දෙවෙනි ඉනිමෙන් අයින් වුනේ කියලා, දෙරණ නාලිකාව නිසා තමයි මම රංගන ශිල්පිනියක් වෙන්නේ, මේ තැනට එන්න හැම විදියකින්ම උදවු කලේ දෙරණ නාලිකාව, එදිරිමුණි අයියා අපේ අඩුපාඩු ගොඩක් හැදුවා ඒ ගෞරවය එයාට හිමි වෙන්න ඕන,”

2023 මොනවද අලුත්ම ප්ලෑන් ”ප්ලෑන් කියන්නේ මෙහෙමයි මම බාර අරගෙන ෂූටින් පටන්ගෙන තියෙන නිර්මාණ වලට සම්බන්ද වෙනවා, ඒ වගේම තව නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා හැබැයි මම තාම ඒවා බාර අරගෙන නෑ, ඉතින් ඒවගෙන් මට ගැලපෙන ඒවා තෝරලා අරගන්න ඕන, අම්මා කියනවා මට ඉක්මනට බඳින්න දැන් දැඟලිල්ල හොඳටම වැඩියි කියලා, හැබැයි මම නම් තාම ඒ තීරණයට යන්න හිතාවත් නෑ, බලමු බලමු ඉස්සරහට මොනවා හරි වේවි නේ”

ශාලනිට සිනමාවට ආරාධනා ලැබෙන්නේ නැද්ද..? ආරාධනා ලැබෙනවා හැබැයි මම හොයන මම ආස විදියේ චරිතයක් මට තාම ලැබිලා නෑ, මට දැන් අහිංසක ගැමි චරිත කරලා ඇතිවෙලා තියෙන්නේ, මට ඕන ටිකක් අභියෝගයක් තියෙන චරිතයක් කරන්න, මොන චරිත ලැබුනත් මම මගේ ඇඳුම් පැළඳුම් ගැන ගොඩක් හිතනවා, කොච්චර ජනප්‍රිය වුනත් කොච්චර ගෙවනවා කිවුවත් මම මගේ සීමාවෙන් එහාට අඳින්න පළඳින්න තියෙන චරිත මම බාරගන්නේ නෑ, ඒක මම මේ ක්‍ෂේත්‍රයට එද්දිම අරගෙන ආව ප්‍රතිපත්තියක්”

Related Posts