Tue. May 17th, 2022

කාලයක් ඇය මෙරට ප්‍රසිද්රංගන ශිල්පිනියක්. බොහෝ දෙනෙක් ඇය ගැන කතා කලා. බොහෝ දෙනෙක් අද ඇය ගැන කතා කරන්නේ ඇය දැන් කෝ කියලා.ඇය විටෙක නර්තන ශිල්පිනියක් ද වෙනවා. නමින් ඇය හිමාලි සිරිවර්ධන. මේ සුදානම ඇය ගැන කතා කරන්න.ඔබ දැන් ලැබෙන හැම චරිතයක්ම රඟපාන්නෙ නැහැ නේද, ඔහු මම අම්මා කෙනෙක් විදියට යම් යම් තීරණ ගැනීමේදී සැලකිලිමත් වෙනවා. මම මගේ පුතාට අම්මා නැති අඩුව දැනෙන්න දෙන්න කැමති නැහැ. මම වාසි සහගත විදිහට රංගනයට එන්න කැමති කෙනෙක් නෙමෙයි. මම රඟපාලා වුණත් සතුට හොයන්න කැමති කෙනෙක්. මගේ ජිවිතේ පලවෙනි තැන මම දෙන්නේ රංගනයට නෙවෙයි මගේ පවුලට. ඒ නිසාම මම දැන් රංගනයට එද්දි යම් යම් සිමා තියෙනවා.

සැමියාගෙන් රංගනයට උදව් ලැබෙනවද, ඔව් මගේ සැමියා මට උපරිම නිදහස දිලා තියෙනවා මගේ රංගන කටයතු කරන්න. එයා මට නිති දාන කෙනෙක් නෙවෙයි. එහෙම නිති දාලා එයාට මාව රකින්න ඕනි නෑ. මම රංගනයේදි සිමා දාගෙන ඉන්නවා කියන්න එයා වුනත් දන්නවා.

ඔබ රියලිටි තරග වලට කැමති කෙනෙක් නේද, ඇත්තටම මම කුඩා දරුවන් රඟන සිංදු කියන තරඟ වල විනිසුරුවරියක් විදිහට ඉන්න ගොඩක් කැමතියි. මම ගොඩක් අත්දැකීම් ලබනවා ඒ වගේ අවස්ථා වලදි, රියලිටි තරග දකින තරම් සුන්දර දෙයක් නෙවෙයි. තිරයෙන් පිටුපස බොහෝම දුක්බර කතා පුවත් තියෙනවා. ඒ නිසාම සමහර තැන් වලදි අපි හරිම සංවේදිවෙනවා.

අනාගතය ගැන මොකද හිතෙන්නේ, අද ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ ඩිල් එකකට. කොහොමත් මම ගොඩක් ආසාවෙන් ඉන්නවා ප්‍රේක්ෂකයන්ට දැනෙන හැගෙන චරිතයකින් චිත්‍රපටයක සාර්ථක චරිතයක් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *