Tue. May 17th, 2022

ඩිස්නි කියන්නේ හිරු මෙගා ස්ටාර් නිසා ජනප්‍රිය වුණ තවත් තරුවක්. ඒ නිසාම අපි හිතුවා ඇයත් සමඟ කතා කරන්න. එදා ලැබුණු කිරුළ ගැන ඔබට මොකද හිතෙන්නෙ, ජනතාවගේ ආදරය නිසාම මට ඒ කිරුළ ලැබුණා. මම හිතන්නේ රසිකයින්ගේ තියෙන ආදරය වැඩිකමට තමයි මට මේක ලැබුණේ. එදා මම විඳපු සතුට ජීවිතේ කවදාවත් මට විදින්න බැහැ ආයේ. සමහරවිට මට කවදාවත් ඒ තවත් අමතක වෙන්නේ නැති වෙයි. මම එදා කිරුළට පුංචි හාදුවක් දුන්නේ මට ආදරය කරපු රසකින් එකපාර වැළඳ ගන්න බැරි නිසා. මොකද දෙස් විදෙස් ගොඩක් අය මට උදව් කළා ඒ ගමන එන්න. ඒ වෙලාවේ මම හැමෝම සිහිපත් කරන්න තමයි ඒ වගේ දෙයක් කලේ.

කොහොමද ඔබේ රංගන කටයුතු,පහුගිය කොරෝනා වසංගතයත් එක්ක භාරගත්ත වැඩකටයුතු ටිකක් කල් ගියා. හැබැයි ආයේ ඒ හැමදේම පටන් අරගෙන තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා සීමාවක් නැතිව ම චිත්‍රපට ටෙලිනාට්‍ය වල රඟපාන්න. ඒ දෙකම සමබරව කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

ජීවිතේ බලාපොරොත්තු මොනවාද, මම ආසයි ජාත්‍යන්තරයට යන්න. හැබැයි ඒක සිද්ධ වෙයිද නැද්ද කියන්න මම දන්නෙ නැහැ. 2019 වර්ෂයේදී මම මිස් ශ්‍රි ලංකා තරඟයට මම ජාත්‍යන්තරය සමඟ සටන් කරලා ලංකා මාතාවට ජයග්‍රාහණයක් ගෙනල්ලා දුන්නා. ඉතින් ගොඩක් සතුටුයි මට ඒ ගැන. ලොකු බලාපොරොත්තු ගොඩක් නැතත් ජිවිතේ පුංචි පුංචි බලාපොරොත්තු ටිකක් මට තියෙනවා. ඒ දේවල් එකින් එක ඉෂ්ට කරගන්න බලාගෙන ඉන්නවා.

රියලිටි තරඟයේ ඔබපෙන්නපු දස්කම් ඔබට ම අභියෝගයක් වුනේ නැද්ද, ඇත්තටම මට එ හැමදේම අභියෝගයක් වුනා. මම සම්බන්ධ වුන පළවෙනි රියලිටි තරඟය මේක. සමහර වෙලාවට මගේ අත පය පවා කැඩුනා. මම මේ දේවල් ඉදිරිපත් කලේ මගේ ජිවිතයත් පරදුවට තියලා. ඒ හැමදේම කලේ මගේ රසිකයන්ගේ සතුට⁣ වෙනුවෙන්. පිරිමි අය පවා කරන්න බැහැ කියපු දේවල් මම කරලා පෙන්නුවා. මාව පුහුණු කලේ ලලිත් පැරකුම්. කොහොමත් මේ තරඟය ඇතුලේ මට පුළුවන් උපරිම දේ කරන්න මම බලාපොරොත්තු වුනා. ඒ දේ ඒ විදිහටම සිද්ධ වුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *