Fri. Jan 28th, 2022

මහේෂි මධුශංකා කියන්නේ මෑත කාලයේදි බොහෝ දෙනා අතරේ ජනප්‍රය වු දක්ෂ සුන්දර ආදරණිය රංගන ශිල්පිනියක්. ඇය පහුගිය කාලයේ බොහෝ දෙනා ආදරයෙන් වැළදගත් ස්වර්වාහිනියේ විකාශය වුන ‘ඇය’ ටෙලිනාට්‍ය තුළින් හමු වු අර ඇය ඉන් කාලයක් ඉවත්ව නාට්‍ය අවසන්වෙද්දිම නැවත නාට්‍යයට එකතු වුනා. ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ ඇගේ ජිවිතය ගැන.

මහේෂි කියන්නේ මේවෙද්දි දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඉතින් මවකගේ වගකිම් ලේසි නෑ නේද? “මම ඉස්සර රූගතකිරිම් වලට ගියහම හිතන්නේ රූගත කිරිම් ගැන විතරයි. හැබැයි දැන් ඒ තත්වය ගොඩක් වෙනස්. දැන් හිතන්නේ ඉක්මනට රූගත කිරිම් අවසන් කරලා ගෙදර ඇවිත් දුවයි පුතයි එක්ක ජිවත් වෙන්න. එයාලා එක්ක ඉන්න තරම් සතුටක් මට තවත් නෑ.”

මවක් වු නිසාම ඔබ ඔබටම සිමා දාගෙනද ජිවිතේ ඉන්නේ, “අම්මා කෙනෙක් වෙන්න කලින් ඉදන් මම රංගනයේ යම් යම් සිමා දාගෙන තමයි ජිවත් වුනේ. මම සාමාන්‍යයෙන් ලිප් කිස් කරන ඒවා වගේ දේවල් කරන්නේ නෑ. ඇදුමක් ඇන්දත් ඒකට් වුනත් මට සිමා තිබුනා. ඉතින් ඒ නිසාම මට සමහර නිර්මාණ පවා මඟ හැරුනා. හැබැයි මම කිසිම වෙලාවක දුක් වෙලා නෑ. සමහර අය හිතන්නේ සමහර ඇදුම් ඇදලා ඇග ටිකක් පෙන්නුවහම ජනප්‍රියයි කියලා. හැබැයි මට ඒ වගේ වෙන්න ඕනි නෑ. එහෙම ජනප්‍රියත්වයක් ඕනිත් නෑ මට. මට රසිකයන්ගේ ආදරය නොඅඩුව ලැබිලා තියෙනවා. ඒ වගේ දේවල් වලින් මට කිසිම වෙලාවක රසික ආදරය අවශ්‍ය නෑ.”

සමාජය මාධ්‍ය තුළ ඔබේ පෞද්ගලික ජිවිතය ගැන බොහෝ දෙනෙකුට කතා කරන්න ලැබුනේ නෑ. එයට හේතුව ඔබ ඔබේ පෞද්ගලික ජිවිතේ සමාජ මාධ්‍ය තුළ ප්‍රසිද්ධ නොකිරිමයි. “ඒකට එක හේතුවක් තියෙනවා. මොකද මම මගේ කලින් පෙම්වතා ගැන ගොඩක් දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ කිවා. ඒත් එයා අපේ සම්බන්ධයට බොරුවක් කලා. ඉතින් මේ පාර මට මගේ පෞද්ගලික ජිවිතේ රැකගන්න ඕනි වුනා. ඒ නිසාම මම මගේ පෞද්ගලික ජිවිතේ ප්‍රසිද්ධ කලේ නෑ. මම මැරි කරපු කෙනා මට වඩා අවුරුදු දහයක් වැඩිමල්. ඇත්තටම එයා මම හොද අවබෝධයකින් ජිවත් වෙනවා. අපි ජිවත් වෙනවා කියලා හැමදේම සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ කරන්න ඕනි කියලා මම හිතන්නේ නෑ”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *