Sat. Jun 25th, 2022

දෙවෙනි ඉනිම නාට්‍ය හරහා රංගනයට පිවිස රංගනයෙන් දායක වුන පලවෙනි විනාඩියෙන්ම ලංකාවේ ජනප්‍රිය චරිතයක් වුන රංගන ශිල්පිනියක් තමයි නෙත්මි රොෂෙල් කියන්නේ, ජාතික රුපවාහිනියේ 2019වසරේ අවුරුදු කුමරිය ලෙස කිරුළු පලදින්නේත් ඇය විසින්, ඉතින් අද අපේ කතාබහ නෙත්මි රොෂෙල් සමග, නෙත්මි මොනවද අලුත් තොරතුරු ”කළා කටයුතු එක්ක ගොඩක්ම කාර්යබහුල කාලයක් මේක, මේ දවස්වල දෙවෙනි ඉනිමේ වගේම ටීවී දෙරණ නාලිකාව කරපු ටෙලි චිත්‍රපටයටත් රංගනයෙන් දායක වෙන නිසා ෂූටින් දවස් ගොඩක් තිබ්බා, ඒ වගේම මගේ පලවෙනි සිනමාපටයත් තිරගතවෙන්න සුදානම්, ඉතින් එකේ පොඩි පොඩි වඩාත් තියෙනවා,

ඔයාව නිලියක් කරන්න වැඩියෙන්ම ඕන වුනේ අම්මටද තාත්තටද, ”මමත් පොඩිකාලේ ඉඳලම කලාවට ගොඩක්ම ආසයි, මටත් වඩා මාව නිලියක් කරන්න ඕන වුනේ අම්මට, ඒකට තාත්තනම් පොඩ්ඩක්වත් කැමතිවුනේ නෑ, මගේ කොන්ඩේ දිගට තියෙන නිසා හැමෝම කිවුවේ අවුරුදු කුමාරි තරඟවලට යන්න කියලා, ඒත් තාත්තා හරිම සැරයි, ඒවාට යන්නේ දෙන්නෙම නෑ, කැම්පස් එකේ පලවෙනි අවුරුද්ද ඉවර උනාම තමයි තාත්තා රුපවාහිනියේ අවුරුදු කුමරිය තරඟයට යන්න අවසර දුන්නේ, ඒක දින්නම තාත්තා කිවුවේ රඟපාන්න නම් ලෑස්තිවෙන්න එපා කියලා, පහුවෙනිදට මට සංකාරන් නාට්‍යට ආරාධනා ලැබුනා, ඒ වෙලාවේ මට හීන්දාඩිය දැම්මා මම දන්නවනේ තාත්තා ගැන ඒකයි, පස්සේ හෙමිහිට කිවුවා තාත්තට එයා කැමති උනා,

ගොඩක් අය ඔයාගේ කොණ්ඩෙට වශීවෙනවා කියන්නේ ඇත්තද ”ඔව් ඒක ඇත්ත, මමත් ගොඩක්ම ආස මගේ කොණ්ඩෙට, මම කොණ්ඩෙට විශේෂ සත්කාර කිහිපයක්ම කරනවා, ආගන්ඩ් ඔයිල්, ආමන්ඩ් ඔයිල්, එඬරු තෙල්, පොල්තෙල්, සේරම අඩංගු සත්කාරයක් තමයි මම කරන්නේ, මගේ කොණ්ඩෙට වැඩිපුරම ආදරේ මගේ තාත්තා”

හෙට දවස ගැන මොකද හිතෙන්නේ ”මුළු රටම ජීවත් වෙන විදියට තමයි මමත් ජීවත් වෙන්නේ, හෙට ගැන තිබ්බ බලාපොරොත්තු දැන් සේරම ඉවර වෙලා තියෙන්නේ, ඒ හැමදෙයක්ම හීනයක් වෙලා, ලයිට් නෑ, ගෑස් නෑ, මගේ රටේ මිනිස්සුන්ට කන්න නෑ, ජීවත් වෙන්න විදියක් නෑ, ඒ අමාරුකම් අපිත් විඳිනවා, මේ දියවෙලා යන්නේ අපේ තරුණ කාලේ මොලයක් තියෙන මිනිස්සු පාර්ලිමේන්තු යැව්වේ නැති එකේ පලවිපාක තමයි මේ අපි විඳවන්නේ”