Tue. May 17th, 2022

සංගීත් ප්‍රභූ කියන නම මේ වෙද්දි නොදන්න කෙනෙක් නැති තරම්. ස්වර්ණවාහිනී නාලිකාවේ නාළිකාවේ විකාශය වෙන නාඩගම් කාරයෝ ටෙලිනාට්‍යය හරහා කවඩියාගේ චරිතයට පණ පොවන ඔහු මේ වන විට ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගත්ත දක්ෂ සුන්දර නවක රංගන ශිල්පියෙක්. ඉතින් මේ සූදානම ඔහු සමඟ කතා කරන්න. ජීවිතයේ සංගීත් නොහිතපු විදියට ඔබව කලාවෙන් ප්‍රතික්ෂේප වුනොත්, මේ ලෝකෙ පවතින කිසිම දෙයක් ස්ථිර දේවල් කියලා මම හිතන්නේ නෑ. හැබැයි කලාවෙ මාව ප්‍රතික්ෂේප වෙන්න තරම් මම වැරැද්දක් කරලත් නැහැ. මට ලැබෙන නැත්නම් මම බාර ගන්න චරිතයට උපරිම සාධාරණත්වය කරන කෙනෙක් තමයි මම. කවද හරි මාව කලාවෙන් ප්‍රතික්ෂේප වුනොත් මම පාඩුවේ මගේ රැකියාවක් කරගෙන ජීවිතේ ඉස්සරහට යනවා.

කවදාවත් නොකරපු වරදකට ඔබට දඬුවම් විඳින්න වුනොත්, ඔහොම දේවල් ජීවිතයේ මට අනන්තවත් වෙලා තියෙනවා. සමහර අවස්ථාවලදී සමහරු මට චෝදනා කරලා තියෙනවා ඔයා මෙහෙම කිව්වා කියලා. මම කවදාවත් වැරැදි කරලා නෑ. හැබැයි මට චෝදනා ලැබිලා තියෙනවා. ඒක වෙනම හැඟීමක් දැනෙන දෙයක්. හැබැයි මම ඒ වෙලාවට කරන්නේ නිහඬව බලාගෙන ඉන්න එක. මොකද කවදා හරි ඇත්ත සමාජගත වෙනවා.

සංගිත් දේශපාලනයට එන්න ආසාවෙන් ඉන්නවා ද, කවදාවත් මම නම් දේශපාලනයට ආරාධනා ලැබුණත් යන්නේ නැහැ. මොකද දේශපාලනය ගැන මම ලොකුවට දන්න කෙනෙක් නෙවෙයි. නොදන්න දේවල් කරල අමාරුවෙ වැටෙන්න ඕන නැහැනේ. ඒ නිසා දන්න දේවල් කරගෙන පාඩුවේ ඉන්නවා. මම හිතන්නේ ඒක තමයි හොඳම දේ.

ඔබට ජීවිතයේ අමතක අමතක කරන්න බැරිම දවස මොකක්ද, මට ජීවිතේ අමතක කරන්න බැරි එක අමතක කරන්න බැරි එක දවසක් තියෙනවා. ඒ මගේ සහෝදරයා වගේ හිටපු මගේ යාළුවා වගේ හිටපු මාත් එක්ක එක කාමරේ හිටපු දසුන්ගේ වියෝව. දසුන් අයියා මට ජීවිතේ ගොඩක් දේවල් කියලා දුන්නා. ඇත්තටම මට පුලුවන්නම් දසුන් අයියාගේ වියෝව අමතක කරන්න මම ඒක කරනවා. මොකද අදටත් මට අමතක කරන්න බැරි සිදුවීම් අතරින් ඉහලින්ම තියෙන සිදුවීම තමයි දසුන් අයියාගේ වියෝව.

ඔබ කලාවට අමතරව වෙනත් රැකියාවකුත් කරනවා නේද, රංගනයට අමතරව මම මේ විට රූපලාවණ්‍ය ශිල්පියෙක් විදිහට ඉගෙන ඉගෙන ගනිමින් ඉන්නවා. රූපලාවණ්‍යයේදි අත්‍යවශ්‍ය කරුණු ගැන මම ඉගෙන ගන්න කාලෙ තමයි මේ. ඉතින් මේ ක්ෂේත්‍රයෙත් වැඩ කරන්න මම බලාපොරොත්තු වෙනවා. සංගීත් අවසන් වරට අපලට අප හා කියා සිටියේ ඔහු කිසිම දිනෙක මෙරට හැරදා නොයන රංගන ශිල්පියෙක් බවයි. එයට හේතුව ඔහුගේ කුඩා කල සිට හීනය වුණේ රංගන ශිල්පියෙකු වීම නිසා බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *