දවසකට එක දෙළුම් ගෙඩියක් හරි ආහාරයට ගන්න කියන්නේ මේ හේතුව නිසා කියලා ඔබ දන්නවද

බැක්ටීරියා නාශක ගුණයක් ලෙස හඳුන්වන දෙළුම් ඖෂධයක් විදිහට අපි හැමෝම දන්නවා.දෙළුම් ගසේ සෑම කොටසක්ම ඖෂධීය ගුණ ලබා දෙනවා.ඇස් රෝග සඳහා දෙළුම් කොළ තම්බා ඇස් සෝදාහරින්නේ ඇස් තැවිම සිද් කරන්නේ ඇස් වල බැක්ටීරියා ඉවත් කරන්නයි .ආහාර අජීර්ණය සඳහා දෙළුම් යුෂ වැදගත් වෙනවා.එමෙන්ම දෙළුම් යුෂ කියන්නේ වෛරස් මර්ධනකාරකයක්.විශේෂයෙන් පිළිකා රෝගය සදහා දෙළුම් පලතුර වැදගත් වෙනවා.

දෙළුම් ආහාරයට ගැනිම කියන්නේ තවත් ⁣ලෙඩරෝග බොහෝමයකට ඖෂධයක් කිවොත් හරි.අධික රුධිර පිඩනය,දියවැඩියා පාලනය,හෘදයේ ඇති කරන ක්ලෙස්ටරෝල් අඩු කිරිමද මෙමගින් සිද්ධ වෙනවා.තවද මතකය වැඩි කර ගැනිමට සහ සිරුර වෙහෙසවා වැඩ කිරිමටද දෙළුම් වැදගත් වෙනවා.

අපේ පැරණි අය දෙළුම් හදුන්වන්නේ දෙවියන් විසින් ලබා දුන් තෑග්ගක් ලෙසයි.එයට හේතුව පළතුරු අතර වැදගත් තැනක් දෙළුම් පළතුරට හිමි විමයි.දෙළුම්වල ශරිරයට හිතකර සංයෝග රැසක් අන්තර් ගත වෙනවා.ඒ නිසාම බොහෝ රෝග වලට දෙළුම් ඖෂධයක් වෙනවා.

දෙළුම් ග්‍රෑම් 100ක ගුණ. ප්‍රෝටීන් ග්‍රෑම් 1.6 .ජලය ග්‍රෑම් 78 .ශක්තිය කි. කැලරි 65 .මේදය ග්‍රෑම් 0.1 .කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 14.5. කැල්සියම් මිලිග්‍රෑම් 10. පොස්පරස් මිලිග්‍රෑම් 70. යකඩ මිලිග්‍රෑම් 0.3. තයමින් මිලිග්‍රෑම් 60. රයිබොෆ්ලෙවින් මයිකේ‍රා ග්‍රෑම් 100. විටමින් සී මිලිග්‍රෑම් 16

Leave a comment

Your email address will not be published. Required fields are marked *