‘තෙල් නෑ අයියෝ’ පෙට්‍රල් නැති නිසා බයිසිකල් පදින ජනප්‍රිය නිළිය නයෝමි

ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂක ආදරේ ඉක්මනින්ම දිනාගන්න සමත්වුණ රංගන ශිල්පිනියක් තමයි නයෝමි තක්ෂිලා කියන්නේ. නයෝමි ප්‍රේක්ෂකයන් අතර වැඩිපුරම ජනප්‍රිය වුනේ ගැමි චරිත හරහා. ඉතින් කළා ක්‍ෂේත්‍රයට නැතුවම බැරි රංගන ශිල්පිනියක වන නයෝමි එක්ක කතා කරන්නයි මේ සුදානම. ඉතින් නයෝමි කොහොමද ජීවිතේ ”ජීවිතෙනම් ගොඩක්ම සුන්දර විදියට ගෙවීගෙන යනවා, හැබැයි ඉතින් මේ රටේ හැමෝටම තියෙන පොදු ප්‍රශ්න ඔක්කොම මටත් තියෙනවා හදිස්සියට කොහෙවත් යන්න විදියක් නෑ තෙල් ගැටලුව නිසා, තියෙන ප්‍රශ්න එන්ජෝයි කර කර ඉන්නවා’

මේ වෙද්දී නයෝමි ඔබ නිලියක් වීමේ සිහිනය සැබෑ කරගෙනද ඉන්නේ ”මෙහෙමයි මම ඉස්සර ඉඳන්ම ආස කලේ චරිතාංග නිලියක් වෙන්න. පොඩිකාලේ ඉඳලම මම ජයනි අක්කට ගොඩක්ම ආසයි, ඒයා වගේ නිලියක් වෙන්න තමයි මට ඕන වුනේ. අදටත් මගේ එකම හීනය ඒක. මම තවම රංගනය ගැන හැම දේම දන්නේ නෑ මොකද දවසින් දවස ඉගන ගන්න දේවල් තියෙන තැනක් මේක. මම විශ්වාස කරනවා මට කවදා හරි අත්දැකීම් සපිරි හොඳ රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන් කියලා”

නයෝමිගේ ගම අනුරාධපුරය, ඉතින් ඒ වගේ පැත්තක ඉඳලා රංගනයට ආව විදිය ගැන කියන්නකෝ බලන්න ”කැම්පස් යන එක තමයි ඒ කාලේ මගේ එකම අරමුණ වුනේ හැබැයි ඒ හීනය සාර්ථක කරගන්න මට බැරි උනා. ඊටපස්සේ මම කොළඹ ආවා ඒ ටවර්හෝල් නාට්‍ය හා රංගකලා ඩිප්ලෝමාවක් කරන්න, ඊටපස්සේ මම වේදිකා නාට්‍ය කිහිපයක රංගන දායකත්වය ලබා දුන්නා. ඊටපස්සේ අකිල සපුමල්ගේ ‘හිනාවෙලා මිනිත්තුවක්’ කෙටි නාට්‍යයේ රංගනයට මට යෞවන සමාන උළෙලේදී හොඳම නිළිය සමානය ලැබුනා ඒ විදියට තමයි මම කලාවට සම්බන්ද වෙන්නේ”

කොහොම වුනත් මේ වනවිට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නයෝමි පසුගිය දවසක ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතුකරලා තිබ්බ පින්තූරයක් නිසා හැමෝම ඇය ගැන කතාවෙන්න පටන් ගත්තා ඒ තමයි ඇය බයිසිකල් පදින පින්තූරයක්. ඉතින් එම පින්තූරයේ කැප්ෂන් එක විදියට නයෝමි සඳහන් කරලා තිබ්බේ ”තෙල් නෑ අයියෝ” කියලා, ඉතින් මේ පින්තූරයට ඇයගේ රසික රසිකාවියන් රැසක් අපූරු අදහස් එකතුකරලා තිබ්බා.

Related Posts

Leave a Reply

Your email address will not be published.