Fri. Jan 28th, 2022

ඇය කලාව උපතින්ම ගෙනාව දක්ෂ රංගන ශිල්පිනියක්. පවුලෙන් ලැබෙන ආභාෂය ඊට හේතුවක්. නර්තනයට ගායනයට මෙන්ම රංගනයට නිවේදනයට ද ඇය මනා දස්කම් පෙන්වනවා. නමින් මාධවි වත්සලා ඇන්තනි. පහුගිය කාලයේ කවුරුත් අතර ජනප්‍රිය උන අඳුන්ගිරි ටෙලිනාට්‍යය හරහා ඇය වඩාත් ජනප්‍රිය වුණා. ඉතින් අපි හිතුවා මාධවී සමග කතා කරන්න.

අඳුන් ගිර ටෙලිනාට්‍යය කියන්නේ 70 දශකයේ භීෂණය අවදි කරන ටෙලි නාට්‍යයක්. අද වී එහි රත්නසිලිගේ චරිතයට පණ පොවනවා. ඇත්තටම මාධවී භීෂණ කාලය පෙන්වන ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් වුණා නේද, ”ඔව් ඇත්තටම එක වෙනස් කතාවක්. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුන ගිරිදේවි ටෙලි නාට්‍යය ගොඩක් අය අතර ප්‍රචලිත වුණා. ඒ විදිහටම අඳුන් ගිර ටෙලි නාට්‍යද නොහිතපු විදියට ප්‍රේක්ෂකයින් වැළඳ ගන්න පටන් ගත්තා. හිතුවෙ නැති ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙන්න පටන් ගත්තේ මේක 70 දශකය භීෂණ කාලය කාටත් මතක් කරන නිසා. ඉන්දික ධර්මරත්න කියන්නේ විශේෂ කෝණයකින් නිර්මාණ දිහා බලන දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. මටත් ගොඩක් සතුටුයි ඉර ටෙලිනාට්‍යයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබීම ගැන.”

රත්නසිලි චරිතය ඔබට කොහොමද අභියෝගයක් වුනේ, ”මගේ චරිතය විතරක් නෙමේ මේකට සම්බන්ධ වන හැම නළුවෙක්ට ම නිළියෙක් තම තමන්ගේ චරිතය ලොකු අභියෝගයක් වුණා. මොකද මේක වෙනස් කතාවක් නිසා. ඇයි හැමෝම එකා වගේ තමන්ගේ චරිතය වෙනුවෙන් උපරිම සාධාරණත්වය කරන්න කැප වුණා .මටත් වෙඩි තියෙන අවස්ථා පවා කරන්න සිද්ධ වුණා.වෙඩි බෙහෙත් බැඳගෙන ද ටෙලි නාට්‍යය රඟපාන්න සිද්ධ වුණා.ඇත්තටම ඒ වෙලා මට බයකුත් දැනුනා.තිබ්බ ආසාවට චරිතයට මුහුණ දුන්නට හිතේ බය පැත්තකින් තියලා මගේ චරිතයට අභියෝග කරන්න මම මගේ චරිතයට මුහුණ දුන්නා.”

ඔබේ මුළු පවුලම කලා පවුලක් එහෙමයි සියලු දෙනාම හඳුන්වන්නේ, මේ විදියට කටයුතු කරද්දි මාධවීට හිතෙන්නේ මොන වගේ හැඟීමක්ද, ”මට පවුලේ අය එක්ක රඟපානවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. මොකද මීට කලිනුත් මම එහෙම නිර්මාණ වලට සම්බන්ධ වෙලා තියෙනවා. මහවිරු පඬු කියන ටෙලි නාට්‍යයෙ ද නාට්‍යය ද මගේ පවුලේ අය ඉන්නවා. අඳුන් ගිර ටෙලිනාට්‍ය ද මගේ පොඩි මල්ලියි එක්ක වැඩ කලත් මල්ලිට කොරෝන හැදුනත් එක්ක මල්ලි කතාවෙන් අයින් වුනා. මම ඉතිං කොහොමත් මගේ නිර්මාණය ගැන හිතනවා මිසක් පවුලේ අය එක්ක රඟපානවා කියලා හිතන්නෙ නෑ.

ඔබ නිර්මාණය කරපු ගීතය අන්තර්ජාලය තුළ බොහෝ ප්‍රසිද්ධ වුණා. ඔබ ඒක ඉක්මනින් අයින් කළා ඊට හේතුව, මම ඒ නිර්මාණය කළේ මුදල් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මම හිතුවට වඩා ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ඒ ගීතයට ලැබුණා. හැබැයි විවිධාකාර ප්‍රශ්න ගැටලු මතු උන නිසාම මම ගීතය අයින් කළා. මොකද මං ප්‍රශ්න ඇතිකරගන්න කැමැති කෙනෙක් නෙවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *