Tue. May 17th, 2022

2017 වසරේදී දෙරණ අවුරුදු කුමරිය තරඟයේ තෙවන ස්ථානය ලබා ගනිමින් කලාවට පිවිසෙන ඇය ඇය වසර තුනක් තිස්සේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අරුණිගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගන්නවා. ඇය නමින් ඉෂානි විජේතුංගය. ඔබේ රංගන ජිවිතේ ආරම්භය ගැන කතා කලොත් “රංගන ශිල්පිනියක් වෙන්න නම් මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ ඇත්තටම.

ඒත් 2017 දෙරණ අවුරුදු කුමරියට ඉදිරිපත් වෙලා එතනින් දෙවන ස්ථානය දිනා ගත්තට පස්සේ තමයි මගේ රංගන ජීවිතයට අඩිතාලම මේ විදිහට වැටුණේ. මම දෙවෙනි ඉනිම හරහා ජනප්‍රිය වුණාට මගේ පළවෙනි නිර්මාණය වෙන්නේ දෙවනි ඉනිම නෙවෙයි. මම අඩෝ කියන නිර්මාණයෙන් තමයි කලාවට ආවේ. ඒත් ජනප්‍රියතාවය ගොඩක් වැඩි වුනේ දෙවැනි ඉනිමේ අරුණිගේ චරිතය එක්ක”

“දෙවනි ඉනිමේ ඔබට රඟපාන්න ලැබුන චරිතය ගැන මතක් ⁣කලොත් ඔබට ප්‍රෙග්නට් චරිතයක් පවා කරන්න සිද්ධ වුනා නේද, ඇත්තටම මට රඟපාන්න හම්බ වුනා ප්‍රෙග්නන්ට් අම්මා කෙනෙක්ගේ චරිතයක්. ඒ වගේම තව කතාවක එහෙම හම්බුනා. ඒකනම් හරිම පුදුමයක්. ඒත් ඉතින් මතුපිටින් බලන තරම් ඒවා ලේසිත් නෑ. කොහොම වුනත් ඒ චරිත මම කරේ ගොඩක් ආසාවෙන්.”

ඔබේ වෘත්තිය, ”මම දැනට වෘත්තිය වශයෙන් නම් රංගන කටයුතු තමයි කරන්නේ. ඊට අමතරව නිය අලංකරණය, බිත්ති සැරසිලි, කේක් හදන ඒවා වගේ කරනවා. කොහොම වුනත් මම හැමදේම ඉගෙන ගන්න ආසයි.”

ආදරය ගැන මොකද හිතන්නේ, ”මම තවම පෙම්වතියක් නෙවෙයි. මම තවම පොඩියි. තාත්තා නැතුව අම්මා එක්කම හැදුන මම තවම අම්මගේ ආදරේ විඳින කෙනෙක්. අම්මා වුනත් කියන්නේ තවම ඒවට කල් තියෙනවා කියලා. ඉතින් ඒවා ගැන තව කාලයක් ගිහිල්ලාම හිතනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *