‘තාත්තා එපා කියද්දී අම්මා තමයි මාව නිලියක් කලේ’ ජනප්‍රිය නිලි කිත්මි කියන කතාව

නැට්ටුක්කාරියක් ලෙස හැදි වැඩුන ඇය මේ වන විට දක්ෂ රංගන ශිල්පිනියක්. කොළඹ ඉතාලිය නාට්‍ය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය නමින් කිත්මි මුතුමැණිකේ. ඉතින් අද අපි සුදානම් වෙන්නේ ඇය ගැන කතා කරන්න. මුලින්ම රංගන ජිවිතේ ගැන කතා කලොත්, ” මම මුලින්ම රඟපාන්නේ කොළඹ ඉතාලිය කියන ටෙලිනාට්‍යයේ. හැබැයි මම මේ වෙද්දි සිහින ගෙනෙන කුමාරියේ ටෙලිනාට්‍යයේත් රඟපානවා.

මට රංගනයට එන්න ලැබෙන්නේ හරි අහම්බෙන්. මම නර්ථන ශිල්පිනියක්. චන්දන වික්‍රමසිංහ රංගායතනයට සම්බන්ධ වුනාට පස්සේ තමා මට නර්ථනයට වගේම රංගනයටත් ආසාවක් ඇති වුනේ. මම රංගනය ගැනත් ඉගෙන ගන්න පටන් ගත්තා. ඒකට මම මහේන්ද්‍ර සර්ගේ රංග පාසලට ඇතුළත් වුනා. ඉතින් එතනින් තමා මට රංගනයට අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඔය විදිහට තමා මම මගේ රංගන ජිවිතයට එන්නේ”

අහම්බෙන් ඔබ දැන් කලාවට සම්බන්ධ වෙලා. ඉතින් ඒ ගැන මොකද හිත්නේනේ, “හරි අහම්බෙන් තමා මම කලාවට එන්නේ. හැබැයි ඒ ගමන ගැන අද මට තියෙන්නේ ලොකු සතුටක්. මුලින් හිතුවේ රඟපාන එක හරි පහසුයි කියලා. හැබැයි කලාවට ආවට පස්සේ තමා තේරුම් ගියේ ඇත්තටම රඟපානවා කියනවා කියන එක ලේසි නෑ කියලා. තාත්තා පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ මම කලාවට සම්බන්ධ වෙනවට. හැබැයි අම්මා කැමති වුනා මම කලාවට සම්බන්ධ වෙලා රඟපානවට. තාත්තා එපා කියද්දී අම්මා තමා මාව දිරිමත්කලේ ඉතින් ඒ නිසාම එයා මට මේ ගමන එන්න උදව් කළා. එයාගේ උදව් එක්කම තමා මම ටික ටික මේ ගමන මේ විදිහට ආරම්භ කරගෙන ඉස්සරහට එන්නේ.”

ඉදිරි බලාපොරොත්තු ගැන කතා කලොත්, බලාපොරොත්තු කිහිපයක්නම් තියෙනවා. දැනට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නවා. ඒ අතරේ මට හොද නිර්මාණ වලට ආරාධනා ලැබුනොත් තෝරබේරගෙන රංගනයට එකතු වෙනවා. දැනට වේදිකා නාට්‍ය දෙකක් ලියලා ඉවරයි. මම කොහොමත් ලොකු ආසාවකින් හිටියා මගේම වේදිකා නාට්‍යයක් ලියන්න. මේ දවස්වල ඒකේ වැඩත් කරගෙන යනවා. ඉස්සරහට අලුත් අලුත් දේවල් වලින් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”

Leave a comment

Your email address will not be published. Required fields are marked *