Sat. May 21st, 2022

ඇය මෙරට විවාහක රූ රැජනකි. ධනාත්මක සිතුවිලි වලින් ජීවිතය ජයගත් කෙනෙකු ගැන කතා කරන්නයි මේ සුදානම. ඇයි ඒ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද ආදරේ දිනාගත්ත නිරූපිකාවක්. නමින් ඇය ත්‍රිකලා ධරණි. ඔබ පෞද්ගලික ජීවිතය තුළ කොයි වගේ කෙනෙක්ද, මිනිසුන්ට පිටතින් පේන දේ නෙවෙයි මගේ ෂුට් වලින් පේන්නේ. හැමෝම හිතන්නේ මම හැම වෙලාවකම එකක් දාගෙන ඉන්නවා කියලා. හැබැයි මාව අඳුරගන්න අය දන්නවා මගේ හදවත කොච්චර සරල හිතක් ද කියලා. මම කිසිම මනුස්සයෙක් ව ප්‍රභේද කරන්නේ නැහැ. මට හැමෝම එක වගේ. මම මාව දකින්නේ මනුස්සකමින් මනුස්සයෝ මනින කෙනෙක් විදිහට.

ඔබ සෑහෙන්න ජීවිතයේ හිව පස්සේ දුවපු කෙනෙක්, ඉතිඒ ⁣ඒ දේවල් මතක් කළොත්, මගේ ජීවිතයේ මට හීන බලාපොරොත්තු පහක් තිබුණා. ගුවන්යානා ඉන්ජිනේරු සම්බන්ධයෙන් ඉගෙන ගන්න, උස සපත්තු දාලා ගුවන් සේවිකාවක් වෙන්න,රෝස පාට ලස්සන සැපපහසු වාහනවල ගමන් කරන්න යන හීන තුන මගේ ජීවිතේ ලොකුම හීන තුනක් වුණා. අනිත් හින දෙක මගේ පෞද්ගලික ජීවිතය හා බැඳුණු හීන දෙකක්. ඒවා පෞද්ගලික ජීවිතයට සම්බන්ධ දේවල් නිසා මම කියන්න යන්නේ නැහැ. කොහොම වුණත් මම මගේ හීන පහම ජය අරගෙන ඉවරයි.

ඔබ වෙනුවෙන් ගොසිප් හැදිලා නැද්ද, ඇයි නැත්තෙ මම වෙනුවෙන් ගොසිප් හැදුනා. හැබැයි මට ලැබුන ගොසිප් හොඳ සහ නරක යන දෙකම තියෙනවා. විශේෂම දේ මම ගත්ත range rover වාහනයටත් විශාල කටකතා හැදුණා. සමහර දේවල් මම දැක්කා සමහර දේවල් නොදැක්කා. සමහර තැන්වල දි මගේ හිත රිදුනා. ඇයි මෙච්චර මිනිස්සු කුහක කියලා. මම මේ දේ ගත්තේ මගේ දුක් මහන්සියෙන් හම්බ කරලා. දෙමාපියන්ගේ දේපළ විකුණලා අයුතු විදියට මුදල් හම්බ කරලා මම මේ දේ ලබා ගත්තේ නැහැ. අවුරුදු පහ හයක් එක දිගට කට්ට කාලා තමයි මම මේ දේ ලබා ගත්තේ. මේක මගේ මහන්සියේ ප්‍රතිඵලයක්. සමහර අය මට කිව්වා මේ දේවල් කරන්නේ මම කුඩු සල්ලි වලින් කියලා. සමහර පුද්ගලයෝ මට මැති ඇමැතිවරු සම්බන්ධ කරලා තිබුණා මේ කාරණාවේදී. ඔය විදිහට විවිධාකාර ගොසිප් හැදුවා.මම වටා ඉන්න දන්නවා මම කවුද කියන්න. මම රටට වැරදි ආදර්ශයක් දෙන කෙනෙක් නෙවෙයි .මම කරන්නේ හරි දේවල් නම් මට සමාජය කියන කතා වැඩක් වෙන්නේ නැහැ.

ඔබට අයුතු යෝජනා අයුතු බලපෑම් වගේම ආදර යෝජනා ලැබිලා නැද්ද, ඇත්තටම එහෙම දේවල් සිද්ධ වෙලා නැහැ. මට කවදාවත් ආදර යෝජනා අයුතු යෝජනා ඇවිත් නෑ. මම දන්නෙ නැහැ ඒ ඇයි කියන්න. ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඔයා කොහොමද මේ ෆිල්ඩ් එකේ ඉන්නේ කියලා. මම හිතන්නේ මම පවුලට මුල්තැන දීලා වැඩ කරන නිසා තමයි මට ඒ වගේ යෝජනා නොඑන්නේ. මම හැම වෙලාවකම ඉන්නේ මගේ හස්බන්ඩ් එක්ක. එයා මට ගොඩක් උදව් කරනවා මගේ වැඩ වලට. මම shooting දාගන්නේ හස්බන්ඩ්ගේ නිවාඩු දවසට. එයා තමයි බබාව ගොඩක් වෙලාවට බලාගන්නේ. මට සමාජ කතන්දර හැදෙන්න තියෙන ඉඩකඩ අඩුයි එයා නිසා.

ඔබ පාටි වලට නයිට් ක්ලබ් වලට යන කෙනෙක් ද, කොහෙත්ම නැහැ. මම ක්ෂේත්‍රයේ අය ගොඩක් ආශ්‍රය කරනවා අඩුයි. පුංචි කාලේ ඉඳන් හිටපු යාලුවෝ පවුලේ අය ඇරෙන්න මම පිට අය ආශ්‍රය කරනවා අඩුයි. මම මගේ ජීවිතයට අදුරන්නැති පිටස්තර අය ළං කර ගන්නේ නැහැ. මම මගේ මානසිකත්වය ට බාධා වෙන කිසිම දෙයක් ඔලුවට දාගන්න කෙනෙක් නෙවෙයි. මානසික නිදහස තමයි ලෝකෙ තියෙන ලොකුම නිදහස. ඒ නිසාම වෙන්නැති මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කිසි කෙනෙක් ආශ්‍රය කරන්නේ නැහැ. හැබැයි කාගෙවත් ඉල්ලිම් මම අහක දාන්නේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *