Tue. May 17th, 2022

කළා ලෝකයේ ගොඩක්ම කැපී පෙනුන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි බුවනි චාපා දියලගොඩ කියන්නේ. ටෙලිනාට්‍ය හරහා වගේම වෙළඳ දැන්වීම් හරහාත් බුවිණි ලාංකේය ප්‍රේක්ෂක හදවත් වලට බොහොම ඉක්මනින් සමීප වුනා. ඉතින් අද අපි කතා කරන්නේ බාල මහලු හැමෝම ආදරේ කරන බුවනි චාපා දියලගොඩ සමග. බුවිණි කොහොමද ජීවිතේ මොකද කරන්නේ මේ දවස්වල ”විශේෂ දෙයක් නෑ ගෙදර වැඩ ටික බලාගෙන ඉන්නවා. පුළුවන් වෙලාවට හස්බන්ඩ් ගේ වැඩ වලට පුළු පුළුවන් විදියට හෙල්ප් කරනවා”

දැන් බුවිනි ඔබ කළා ලෝකයේ පෙන්න නෑ ඇයි ඒ ”මම දැන් අවුරුදු හතක විතර වෙනවා නිර්මාණ වලට සම්බන්ද නොවී. මම මගේ පවුල් ජීවිතේට මුල්තැන දෙන්න හිතලා තියෙන්නේ. හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුනොත් පිටපත කියවලා ඒකට සම්බන්ද වෙන්න හිතාගෙන ඉන්නවා. පුංචි දුකක් තියෙනවා මෙච්චර කාලයක් කලාව එක්ක ඉන්න බැරිවුණ එකගැන. 2018 වසරේදී රයිගම් ටෙලි සම්මාන උත්සවකදී මට නැගී එන නිලියට හිමි සමානය ලැබුනා. එතනින් පස්සේ තමයි මම කලාවට සමුදුන්නේ. මේ වනවිට මම ශ්‍රද්ධා ටීවී එකේ නිවේදිකාවක විදියට වැඩ කරනවා”

බුවනි චාපා විවාහ වෙන්නේ ලංකාවේ සුපිරිම කෝටිපති ව්‍යාපාරිකයෙක් සමග. ඔහු තමයි ගාර්ඩියන් ඔටොස් හි අධිපති තුමා වන කසුන් දේවින්ද. ඉතින් බුවනිගේ පරණ කාර් එක විකුණලා මොඩිෆයි කරපු වාහනයක් ගන්න කසුන්ගේ ආයතනයට ගිහින් එහිදී ඇතිවූ දැන හැදුනුම් කමක් මත තමයි ඔවුන් දෙදෙනා එකතු වෙලා තියෙන්නේ. දැන් බුවිණි ගොඩක් සැපවත් ජීවිතයක් ගතකරනවා.

ඒ වගේම තමයි ඇය පසුගිය දිනක ඇය සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බ කතාවක් නිසා බුවිණි පිලිබඳ හැමෝම කතාවෙන්න පටන් ගත්තා, ඒ සටහන තමයි ‘තව කාටද මහින්ද ඕන’ කියලා අහලා තිබ්බ සටහනක්. මේ සටහන යොදන්න මුලික හේතුව අපි ඔබට අමතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඔබ ඒ පිලිබඳ හොඳින් දන්නවා. හැබැයි මේ සටහන නිසා හැමෝටම දැනගන්න ලැබුනා බුවිණි ඉන්නෙත් අරගලකරුවන් පැත්තේ කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *